Wednesday, January 9, 2019

Our Sri lanka / අපේ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පිහිටීම

 ශ්‍රී ලංකාවේ පළාත් හා දිස්ත්‍රික් මායිම්



 ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම්


ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන

පිවිසුම 
අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සහිත ලෝකයේ රටවල් කිහිපය අතුරින් ඉදිරියෙන් ම පවතින රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව සැලැකේ. ජම්බුදීපයේ සිට බුදුදහම සම්ප‍්‍රාප්ත වූ කාලයේ සිට ම ලංකාවේ ශාසන ඉතිහාසය ලියාතැබීමේ අරමුණින් බෞද්ධ යතිවරයාණන් වහන්සේලා විසින් රචනා කරන ලද දීපවංශය, මහාවංශය ආදි වංශකතා හා තවත් විවිධ බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍ර මගින් ක‍්‍රිස්තු උප්පත්තියට සියවස් 3කට පමණ ඈත කාලයක සිට දිවයිනේ ඉතිහාසය අඛණ්ඩ අන්දමින් මේ දක්වා වාර්තාකර ඇත. එම මුලාශ‍්‍ර වල මුඛ්‍ය අරමුණ දිවයිනේ බෞද්ධ ශාසන ඉතිහාසය ලියා තැබීම බැවින් ඊට පූර්ව මානව ජනාවාසකරණය අරඹයා තදබල අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවක් ඒ රචනාවන්ගේ කතුවරුනට පැවැති බවක් පෙනී යන්නේ නැත. ලංකාව නම් දූපත මනුෂ්‍ය වාසයක් බවට පත්වීම විජයාගමනය ඔස්සේ සිදු වූ බව ලක්දිව ප‍්‍රධාන ඉතිහාස මූලාශ‍්‍රයක් වන මහාවංශයේ දැක්වෙයි. එබැවින් ලංකාවේ අතිතය අධ්‍යයනය කළ බොහෝ විද්වතුන් ලංකාව මානවයින්ගේ වාසස්ථානයක් බවට පත් වීම ක‍්‍රිස්තු වර්ෂ ආරම්භයට සියවස් 5ක් පමණ පෙර උතුරු ඉන්දියාවේ සිට පැමිණි ආර්ය භාෂාවක් කතාකළ ජන පිරිසකගෙන් සිදු වූ බව විශ්වාස කරයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ විශ්වාසය අනුව ඉන්දු ආර්ය වගාව ලංකාවේ පිහිටුවීමට පුරෝගාමී වුවෝ වෙළෙන්දෝ ය. තවත් විද්වතුන් පිරිසක් ඉදිරිපත් කරන අදහසකින් කියැවෙන්නේ ලංකාවේ ජනාවාසකරණය දකුණු ඉන්දියානු නිජභූමිය කරගත් දෙමළ ජනයා ගේ ලංකාගමනය ඔස්සේ සිදු වූ බවයි.
මහාවංශය
එහෙත් දෙ වනු ව කී මෙම මතය සාධනය කිරීම සඳහා ඇත්තේ අවම සාධක ප‍්‍රමාණයක් බව ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන ඔස්සේ තහවුරු වී ඇත. මීට අමතර ව ලංකාව ජනාවාස වීම සම්බන්ධයෙන් අදහස් කීපයක් පැවැතියක් ඒවා එතරම් සැලැකිල්ලට ලක්කිරීමට තරම් ප‍්‍රබල පදනමක් මත ඉදිරිපත් වී ඇති බවක් පෙනී යන්නේ නැත. දඹදිව අශෝක රජුගේ කාලය වන විට උතුරු භාරතයෙන් පැමිණි ආර්ය බසක් කතාකළ සිංහල ජනයා මේ දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවල ජනාවාස පිහිටුවාගෙන තමන්ගේ ජීවිතය ගතකිරීමට අවශ්‍ය ගොවිතැන, පශුපාලනය හා කර්මාන්ත ආදිය මෙන් ම වෙළෙඳාම වර්ධනය කරගෙන ජීවන රටාව පරිපූර්ණ මට්ටමකට පත්කර ගැනීමට සමත් විය. මෙම පසුබිමේ සිට ලංකාවේ ඉතිහාසය දේශිය හා විදේශීය විවිධ මූලාශ‍්‍ර මගින් අනාවරණය කරගත හැකි වේ. සරළාකාරයෙන් ගෙන උතුරු ඉන්දියාවේ ජනයා මඟින් ලංකාව ජනාවාස වනතෙක් ලංකව මිනිස් වාසයකින් තොර වූයේ ද? නැතිනම් මහාවංශය, උතුරු ඉන්දීය මූලාශ‍්‍ර වන දිව්‍යාවදාන, සිංහලාවදාන ආදී සාහිත්‍ය මූලාශ‍්‍ර මගින් පෙන්වා දෙන ආකාරයට ලංකාවේ වාසය කළවුන් අවැසි විටෙක පෙනී සිටිය හැකි අදෘශ්‍යමාන අමනුෂ්‍ය විශේෂයක් ද? පසුගිය වසර 125ක පමණ කාලයක් තිස්සේ දේශීය මෙන් ම විදේශීය විද්වතුන් රැසකගේ අසීමිත උත්සාහයේ ප‍්‍රතිඵල වශයෙන් මෙම ගැටළු සඳහා ප‍්‍රමාණවත් පිළිතුරක් සැපයීමට පුරාවිද්‍යාඥයින් ප‍්‍රමුඛ විද්වතුන් දැන් සමත් ව ඇත. එහෙත් ඒ ඔස්සේ නිර්මාණය කරන ලද නව දැනුම බොහෝ විට ඉංග‍්‍රිසි බසට හෝ ඒ පිළිබඳ අධ්‍යාපනය ලංකාවේ විශ්වවිද්‍යාල කීපයක පුරාවිද්‍යා (විශේෂ) සිසුනට සීමා වී ඇත. මහජන මුදල් වැයකරමින් පොදුජනයාගේ ම අතීතය පිළිබඳ ව නිර්මාණය කරන එම දැනුම සමාජගත නොවීම සැලැකිය යුතු මට්ටමේ ගැටළුවකි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මිනිසා යනු අද ලංකාවාසී ජනයාගේ මුතුන්මිත්තන් වීම පමණක් නොව අප විසින් වර්ණනා කරන විභූතිමක් අතීතයේ නිර්මාණයේ පදනම සපයන බැවින් ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ දැනුම සමාජගත කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස මතු වී පවතී. අදින් වසර 2,500කට පුර්ව කාලයේ ලංකාව වාසභූමි කොටගෙන ජීවත් වූ මානවයා පිළිබඳ කතාව පිළිබඳ දැනුවත් වීම උදෙසා පාසල් මට්ටමේ සිසුනට හෝ ඇත්තේ අවම අවස්ථාවකි. ඒ උදෙසා පොදු මහජනයාට ඇති අවස්ථාව ඊටත් වඩා පහළ මට්ටමක පවතී. මෙම ලිපිපෙළ මගින් ලංකාවේ අදින් වසර දසදහස් ගණනකට පූර්වයෙන් ජීවත් වූ ඒ මානවයා පිළිබඳව මෙන් ම අපගේ මුතුන්මිත්තන් පරිසරය සමඟ සහයෝගිතාත්මක ව මෙන්ම ගැටෙමින් පැවැත්ම උදෙසා සිදුකළ ඒ අරගලය පිළිබඳ අසිරිමත් කතාව සරළ අන්දමින් ගෙන ඒමට උත්සාහ දරනු ඇත. අන්තර්ජාලයේ සිදුකරන ශාස්ත‍්‍රීය ව්‍යාපාරයක් අඛන්ඩ ව පවත්වා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් ලැබෙන ප‍්‍රතිචාර ජීවයක් සපයයි. එ බැවින් මෙම ලිපිපෙළ අවසානයක් දක්වා දිගට ම පවත්වාගෙන යාම ඔබ විසින් ලබාදෙනු ලබන ධනාත්මක හෝ ඍණාත්මක ප‍්‍රතිචාර මත සිදුවන බව කරුණාවෙන් සලකන්න.

ඉතිහාසය හා ප‍්‍රාග් ඉතිහාසය 

මානව අතීතයේ යම් කාලවකවානුවක් අකුරුවලින් ලියන ලද, නැතහොත් ලිඛිත මූලාශ‍්‍ර උපකාරයෙන් අධ්‍යයනය කළ හැකි නම් එය ඉතිහාසය යනුවෙන් හැදින් වේ. උගතුන් දැනට පොදුවේ ඇති ආකාරයට ලංකාවේ ලේඛනගත මූලාශ‍්‍රයන්ගේ ආරම්භය ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී සනිටුහන් කරයි. දඹදිව මෞර්ය අශෝක අධිරාජ්‍යයාගේ ධර්මලිපි ලිවීම සඳහා භාවිත කළ ආදී බ‍්‍රාහ්මී අක්‍ෂර මහින්දාගමනය ඔස්සේ ලංකාවට ලැබුණු බවත් ඒ මඟින් ලාංකේය ජනයා ලේඛනය පිළිබද දැනුවත් වූ බවත් විශ්වාස කරයි. මේ සිදුවීම් ජාලය ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවසේ දී සිදු වූ බව විශ්වාස කරන බැවින් ලංකාවේ ලේඛනය පිළිබඳ ආරම්භය ද ඒ හා සමගාමි බව පිළිගැනේ. (එහෙත් ලංකාවේ අක්‍ෂර භාවිතය පිළිබඳ සාධක මෙයින් තවත් වසර සියවස්ක් 2-3 ඈතට ගමන් ගන්නා බව සහේතුක ව තහවුරු කිරීමට ආචාර්ය සිරාන් දැරණියගල සමත් ව ඇත.) මෙවැනි අක්‍ෂරයෙන් ලියන ලද ලිපි දහස් ගණනක් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සඳහා පූජා කරන ලද, ලක්දිව පුරා විසිරී ඇති ගල්ලෙන්හි දැකගත හැකි වෙයි. මේ පිළිබඳ ප‍්‍රකට නිදසුන් අතර අනුරාධපුරයේ මිහින්තලය, වෙස්සගිරිය, සිතුල්පවුව ආදි ස්ථානයන් පවතී. පෙර කී පරිදි මෙම ලිපි ක‍්‍රිස්තු පූර්ව 3 සියවස හෝ ඊට පසු යුගයට අයත් බව පිළිගන්නා අතර එම ලිපි ඇසුරින් අපගේ අතීතය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වෙයි. එබැවින් මෙවැනි ලේඛනගත මූලාශ‍්‍ර ඇරැඹුණු කාලයේ සිට මේ මොහොත දක්වා කාලපරාසය ඉතිහාසය යනුවෙන් සැලැකිය හැකි වේ.

1950 දශකයේ දී ඇඹිලිපිටිය ආසන්නයේ බෙල්ලන්බැඳිපැලැස්සෙන් අනාවරණය වූ බලංගොඩ මානව සැකිල්ලක් (ආචාර්ය පී.ඊ.පී. දැරණියගලගේ The Pleistocene of Ceylon ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.)

මේ අයුරින් අක්‍ෂර ආරම්භවීමට පෙර යුගය ‘ඓතිහාසික යුගයට පෙර යුගය’ යන අරුතින් ප‍්‍රාග් ඓතිහාසික යුගය යනුවෙන් හඳුන්වයි. ලංකාවේ දීපවංශය, මහාවංශය ආදී වංශකතාවන්හි මෙන් ම වෙනත් බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍රයන්හි මෙම යුගය පිළිබඳ සංක්‍ෂිප්ත සටහන් ඇතුළු වී පැවැතියත් ඒවා ඇදහිය නොහැකි හෝ අපහසු තොරතුරු වේ. මෙම අවධියේ දී ලක්දිව යක්‍ෂ, නාග ආදි අමනුෂ්‍යයින් ජීවත් වූ බව එම සමහර මුලාශ‍්‍ර මඟින් නිරූපණය කරයි. ඓතිහාසික හා ප‍්‍රාග් ඓතිහාසික යුගය යන යුග දෙක අතර තවත් යුගයක් වශයෙන් ප්‍රොටෝ ඓතිහාසික යුගය පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගනී. එ නම් ලේඛනය පිළිබඳ ආරම්භක අවස්ථාවක සාධක හමුවන එහෙත් නිසැක වශයෙන් ම අක්‍ෂර යනුවෙන් මේ වනතෙක් පිළිගෙන නොමැති යම්කිසි සන්නිවේදන මාධ්‍යයක් පැවැති යුගයක් වශයෙන් මෙම යුගය සලකයි. ඒ අනුව, ඉතිහාසයේ අරුණලු පහළ වූ යුගය යන අරුතින් මෙම යුගය ප්‍රොටෝ ඓතිහාසික යුගය යනුවෙන් හඳුන්වා ඇත. යකඩ තාක්‍ෂණය හඳුනාගත්, සත්ත්ව පාලනයේ හා සුළු පරිමාණ කෘෂිකර්මයේ නියැළුණු පිරිසක් මෙම අවධියේ දී ලංකාවේ ජීවත් වූ බව විශ්වාස කරයි. දළ වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 1,000 සිට ක‍්‍රිස්තු පූර්ව 300 අතර කාලය තුළ මෙම ප්‍රොටෝ ඓතිහාසික යුගය පැවැතුණු බව පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වී ඇත.
ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ අධ්‍යයන සිදුකරන අයෙකුට ඓතිහාසික යුගයට පූර්ව කාලයක් පිළිබඳ අධ්‍යයනය කරන බැවින් දත්ත හා තොරතුරු ලබා ගැනීම සඳහා ලිඛිත මූලාශ‍්‍ර සපයා ගැනීමට නොහැකි ය. මෙම යුගය පිළිබඳ දත්ත හා තොරතුරු ලිඛිත නොවු මූලාශ‍්‍ර මගින් සපයා ගැනීමට සිදු වෙයි. මෙවැනි ලිඛිත නොවූ මූලාශ‍්‍ර අතර මානව හා සත්ව අස්ථි, ගල් ආයුධ, ආහාර අවශේෂ, පිළිස්සී ශේෂ වූ විවිධ ද්‍රව්‍ය හා අඟුරු, ශාක කොටස්, පරාග, භූ දර්ශනය, පාංශු ස්තරණය ආදි දැ පවතී. මේවා පුරාවිද්‍යාවේ දි ද්‍රව්‍යාත්මක සාධක වශයෙන් සලකන අතර ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සම්පූර්ණයෙන් ම පාහේ රදාපවතින්නේ මෙවැනි මූලාශ‍්‍ර මතයි.
ද්‍රව්‍යාත්මක මූලාශ‍්‍ර උපයෝගි කොටගෙන විවිධ පුද්ගලයින් විසින් සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ ලංකාවේ මානව ජනාවාස පිළිබඳ ආදීතම සාධක නිසැක වශයෙන් ම අදින් වසර 125,000 ඉක්මවා යන බව තහවුරු වී ඇත. එහෙත් මේ පිළිබඳ තොරතුරු ලාංකේය මහජනයා පමණක් නොව විද්වත් ජනයාගෙන් ද අතිශ්‍ය සුළුතරයකට පමණක් සීමා වී පවතී. එබැවින් අප තවමත් වසර 2,500ක ඉතිහාසය පිළිබඳ පමණක් දැනුවත් වූ ඒ පිළිබඳ කතාකරන ජාතියක් බවට පත් ව ඇත. ලාංකේය සංස්කෘතිය තුළ බෞද්ධාගමේ සංස්පර්ශය ලබමින් වාරි-කෘෂි සංස්කෘතියක් පිළිබඳ විශිෂ්ට බොහෝ දෑ මෙම 2,500 වසරක ඉතිහාසය තුළ කතාකිරීමට පැවැතියත් මේ තුළ දිවෙන මූලයන් වන ප‍්‍රාග් ඓතිහාසික හා ප්‍රොටෝ ඓතිහාසික තත්ත්වයන් පිළිබඳ දැනුවත් වීම ද අද දවසේ අතිශය වැදගත් වෙයි. නොමැතිනම් යථාවාදි අතීතය පසෙක තිබිය දී හුදු හිතළු මත පදනම් වූ අසංගත ඉතිහාස මායාවකින් ලාංකේය ජනයාගේ සිත් වසා දැමීමේ ප‍්‍රයත්නය සාර්ථක වී පවත්නා විශිෂ්ට අතීතය විනාශවීමේ හැකියාවක් පවතින බැවිනි.

අතීතයේ යුග 

වසර ලක්‍ෂ ගණනාවක් ඈතට දිවයන අතීතයේ එක් එක් කාලයන්ගේ පවත්නා පෙරටුගාමී සමාජ-තාක්‍ෂණික ලක්‍ෂණ අනුව යුග කීපයකට බෙදා ලංකාවේ අතීතය අධ්‍යයනය කිරීමට පුරාවිද්‍යාඥයන් උනන්දු වී ඇත. ආචාර්ය සිරාන් දැරණියගල විසින් වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ අනුව සිදුකළ වර්ගීකරණය එම අවධිකරණ කීපය අතුරින් සාර්ථක වර්ගීකරණයක් ලෙස පිළිගත හැකි ය. මෙම කාල වර්ගීකරණය ඔස්සේ ලක්දිව අතීතය විධිමත් හා පහසු අන්දමින් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබී ඇත. මෙම ලිපි පෙළේ සඳහා අදාළ කාලපරාසයන් ද මෙම යුගකරණය මත පදනම් වේ.
ක‍්‍රි. පූ. 125,000 (හෝ ඊට පෙර) සිට ක‍්‍රි. පූ. 1,000 දක්වා ප‍්‍රාග් ඓතිහාසික අවධිය- පුරාශිලා – මධ්‍යශිලා – නවශිලා
ක‍්‍රි. පූ. 1,000 සිට ක‍්‍රි. පූ. 500 දක්වා පූර්ව ඓතිහාසික යකඩ අවධිය
ක‍්‍රි. පූ 500 සිට ක‍්‍රි. ව. 300 දක්වා මූල ඓතිහාසික අවධිය
ක‍්‍රි. ව. 300 සිට ක‍්‍රි. ව. 1,200 දක්වා මධ්‍ය ඓතිහාසික අවධිය
ක‍්‍රි. ව. 1,200 සිට ක‍්‍රි. ව. 1,500 දක්වා අන්තර් ඓතිහාසික අවධිය
ක‍්‍රි. ව. 1,500 සිට ක‍්‍රි. ව. 1,815 දක්වා නූතන ඓතිහාසික අවධිය
ලොව ඕනෑ ම ස්ථානයක මෙන් ම ලංකාවේ ද ප‍්‍රාග් ඓතිහාසික යුගය හා බැදි තාක්‍ෂණික විධිය නම් ගල් ආයුධ නැතහොත් ශිලා මෙවළම් තාක්‍ෂණයයි. ඒ ඒ යුගවල පවත්නා විශේෂ වර්ධනීය ලක්‍ෂණ ඔස්සේ පුරාශිලා, මධ්‍යශිලා හා නවශිලා යනුවෙන් නැවැතත් ප‍්‍රභේදනය වන ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ප‍්‍රධාන තාක්‍ෂණය නම් ගල්ආයුධ තාක්‍ෂණයයි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ, මධ්‍යශිලා යුගයේ ජීවත් වූ මානවයා, බලංගොඩ මානවයා යන නමින් ජනප‍්‍රිය වී ඇත. බලංගොඩ ආසන්න ප‍්‍රදේශයෙන් පළමු ව මෙම මානවයා පිළිබද සාධක ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් අනාවරණය කරගෙන ඇත. ලෝක පුරාවිද්‍යාවේ දී පිළිගත් ක‍්‍රමවේද අනුව යමින් යම් සොයාගැනීමක් සිදුකළ පළමු ස්ථානය අනුව අදාළ සොයාගැනීම නම් කිරීමේ සම්ප‍්‍රදාය අනුව මේ මානව සාධක බලංගොඩ මානවයා නමින් හඳුන්වයි. මේ හා සමාන සාධක කුමන ස්ථානයකින් හමු වුව ද ඒවා බලංගොඩ මානවයා නමින් ම හඳුන්වනු ලැබේ. කායව්‍යවච්ඡේද විද්‍යාත්මක ව නූතන මානවයා (Modern man) පිළිබඳ මුළුමහත් ලෝකයෙන් ම ලැබෙන සාධක අතරින් ලංකාවෙන් ලැබෙන මෙම සාධක පැරණි ම සාධක අතර පවතින බව භෞතික මානව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.
බලංගොඩ මානවයා තමාට අල්ලාගත හැකි අලි පැටවාගේ සිට ගැරඬියා දක්වා සියලූ ම සතුන් හා කෑමට සුදුසු සියළු ගෙඩි, අල, කොළ, හා මල් වර්ග අනුභවයට ගත් තිරුවාණා, කහඳ, කළුගල් වැනි ගල් වර්ගවලින් නිර්මාණය කරගත් පාෂාණ මෙවළම් භාවිත කර දඬයමෙන් ජීවනය සපයාගනිමන් සංචාරක ජීවිතයක් ගතකළ අයෙක් විය. අදින් වසර 125,000කට නිසැක වශයෙන් දිවයන සමහර විටෙක අදින් වසර 500,000ක පමණ කාලයක සිට ලංකාවේ ජීවත් වන මෙම මානවයා වර්තමානයේ අප අතර ගැවසෙන අපේ ඥාතීන් මිතුරන් නැතහොත් අප දක්වා විකාශය වූ කතාව මෙම ලිපි පෙළින් ගෙනහැර දැක්වීමට අපේක්‍ෂා කෙරේ. එනම් සරළ අාකාරයෙන් ජීවත් වූ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා අප දක්වා විකාශය වූ ආකාරය පිළිබඳ පිළිවෙල කතාවයි.
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ ඉමහත් උනන්දුවකින් ක‍්‍රියාකළ ඊ.ජේ. වේලන්ඞ් නම් භූ විද්‍යාඥයා විසින් 1956 දී ලියා තබා ඇති පහත උද්ධෘතය සිතෙහි රදවා ගැනීම මෙම විෂයේ ඇති සංකීර්ණ බව හා සීමාකම් අවබෝධ කරගැනීමට හේතු වෙයි.
“බොහෝ ගැටළු සහිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසයේ, ඒ හා සම්බන්ධ ගැටළු සඳහා අයෙකුගේ ජීවිත කාලයක් තුළ සිදුකරන පර්යේෂණතුළින් හෝ පිළිතුරු සෙවිය නොහැක. ලංකාවේ ඉතිහාසය, වර්තමානය හා අතීතය එක් ග‍්‍රන්ථයකින් නිරූපනය කළ නොහැක. එය කළ හැක්කේ පුස්තකාලයක් තුළින් පමණි.”
ශ‍්‍රි ලංකාව හා එහි ජනයාගේ ප‍්‍රාග් ඉතිහාසිය පිළිබඳ දැනුවත් වීම හුදු හිත සනසාගැනීමකට පමණක් සීමා නොකොට ලාංකේය අනාගත පුනරුත්ථානය උදෙසා මාර්ගයක් කර ගැනීමට ද හැකි වනු ඇත.

බුලත්සිංහල ෆා-හියං ගුහාව – බොහෝ තොරතුරු සැඟ වී තිබිය හැකි තවත් බලංගොඩ මානව වාසස්ථානයක්
බුලත්සිංහල ෆා-හියං ගුහාව – බොහෝ තොරතුරු සැඟ වී තිබිය හැකි තවත් බලංගොඩ මානව වාසස්ථානයක්

පරිශිලනය කරනු ලබන පොත් හා ලිපි නාමාවලිය [දේශීය හා විදේශිය විවිධ විද්වතුන් විසින් සිදුකරන ලද අධ්‍යයන හා පර්යේෂණයන්ගෙන් අනාවරණය වූ දත්ත හා තොරතුරු අනුව මෙම ලිපිපෙළ සකසනු ලබන අතර ඒ එක් එක් පරිශීලන අදාළ ස්ථානයන්ගේ දැක්වීමෙන් වලකිනුයේ පාඨකයාගේ සුගම කියවීමට එය බාධාවක් විය හැකි බැවිනි. එ බැවින් ඒ සියලූම විද්වතුනට සම්පූර්ණ ගෞරවය හා ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙම ලිපි පෙළේ කතුවරයා හා archaeology.lk වෙබ් අඩවිය මෙය අවස්ථාවක් කරගනු ලැබේ. යම් පාඨකයෙකුට අදාල පරිශිලන, වැඩි විස්තර හෝ අපැහැදිළි ස්ථාන වඩාත් හොඳින් පැහැදිළි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා Comment පහසුකම භාවිත කරන්න. ඒ පිළිබඳ විමසීම් හා පැහැදිළි කරගැනීම් සඳහා මෙම ලිපි රචකයා හෝ වෙබ් අඩවිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇත.]


Classification of Tours/ සංචාරක වර්ගීකරණය



Northern province / උතුරු පළාත




ආරම්භය
පාණ්ඩ්‍යය අධිරාජ්‍යය යටත් විජිතය
ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ලක්දිව ආක්‍රමණයෙන් එම දිවයිනේ උතුර පාණ්ඩ්‍යය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්විය. පැරණි සිංහල රජ සමයේ උත්තර දේශයේ (ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්‍යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස කරති. ප්‍රධාන ප්‍රවාහයේ ඉතිහාසඥයින් අතරින් කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්‍රපාල වැන්නවුන් ප්‍රධාන වශයෙන් පිලිගන්න කරුන නම් ආර්යචක්‍රවර්ති රාජ්‍ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්‍රමනිකයාගෙන් පසුව බවයි. මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්‍රදේශයෙන් පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්‍රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. (මොවුහු වර්ථමාන ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්‍රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.)
1250 දී පමණ පාණ්ඩ්‍ය කප්පම් ගෙවු ප්‍රදේශ - පසුව ශ්‍රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්‍රදේශය ඇතුලය.
රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර යාපනයට ගෙන ගියේය. අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ තන්ජේර්චෝල අධිරාජ්‍යයට කප්පම් ගෙවු යටත් රාජ්‍යයක් ලෙස තම රාජ්‍යය පත්වා ගෙන ගියේය. මෙම කාලයේදී (1247) මැලේ ජාතික අධිපතියෙකු මෙන්ම මුහුදු කොල්ලකරුවෙකු වු චන්ද්‍රබාහු නැමැත්තෙක් තාමු ලිංගයෙන් පැමිණ දේශපාලන වශයෙන් කැබලි වී තිබු දිවයින ආක්‍රමණය කළේය. දඹදෙණියේ 11 පරාක්‍රම බාහු රජුට (1236 – 70) මෙම ආක්‍රමණය ව්‍යවර්ථ කෙරීමට හැකි වුවද චන්ද්‍රභානු යාපනයට ගෙ‍‍ාස් (1255 දී පමණ) මාඝ ගෙන් කිරුළ ආරක්ෂා කර ගත්තේය. මෙම සිද්දිය දකුණු ඉන්දියාවේ පණ්ඩ්‍ය අධිරාජ්‍යයට මැදිහත් වීමට කරුණක් වු අතර චන්ද්‍රභානු 1258 දී පාණ්ඩ්‍යය අධිරාජ්‍යයට යටත් විය. දෙවැනි වරට දකුණු ප්‍රදේශය ආක්‍රමනය කිරීමට චන්ද්‍රභානු නැව් නැගුණු නමුදු එම අවසුථාවේදී පාණ්ඩ්‍යයන් නැවත වරක් සිංහල රජුගේ ආරක්ෂාව පිණිස පැමිණියහ. ඔව්හු 1262 දී චන්ද්‍රභානු මරා එම ආක්‍රමණ නිසා පාණ්ඩ්‍ය දුර්වල වු විට ආර්ය චක්රවර්තිගෙන් පසු බිහි වු රජවරු යාපනය ස්වාධීන රාජ්‍යයක් කරගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය බලවෙතකු බවටද පත් විය. ඉන්පසු යාපනයේ රජුන් වු සියලු රජවරු කාලිංඝ මාඝ වශයෙන් හදුනාගෙන ඇති කුලින් ‍ෙගයි චක්‍රවරිති නැමැත්තා‍ෙග් පැවත එන අය බව ඔවුන්ගේ පරම්පරා නම් ගැන ලේඛණ පවත්වා ගෙන යන ස්වාමි ඥාණප්‍රකාශණ සහ මුදලියාර් රාසනායගම් කියා සිටිති.
පසු කාලීන සිදුවීම්
ස්වාධීන වීම
ක්‍රි.ව. 1323දී දී පාණ්ඩ්‍යය අධිරාජ්‍යය කැබලි වු පසු ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. පසු කළේක අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍ය යටත්ව සිටියදී මෙම රාජ්‍ය 14 වන සියවසේ මුල සිට මැද භාගය දක්වා ශ්‍රී ලංකාවේ නැගි එන බලවතෙක් වී සිටියේය.
කොට්ටේ රාජධානියේ කොටසක් වීම
කෙසේ නමුදු 1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය.
දෙවන වර ස්වාධීන වීම
1467 දී එය නැවතත් නිදහස් විය. ඉන්පසු බලයට පත් වු පාලකයන් මුතු, ඇතුන්, වෙළදාම මෙන්ම ඉඩම් වල ආදායම් උපරිම තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථික තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු කළහ. එකල ශ්‍රී ලංකාව තුල තිබුණු අනිත් රාජ්‍යයන් සමග සසදන විට ඉතා අඩුවෙන් වැඩවසම් ක්‍රමය ක්‍රියාත්මක වුයේ මෙම රාජ්‍යය තුළයි. මෙම කාලය තුල ප්‍රාදේශිය වශයෙන් දෙමළ සාහිත්‍යයක් බිහිවුනු අතර භාෂා සංවර්ධන ආයතනයක් ද ඇතුලුව හින්දු කොවිල් ද ගොඩ නැගුණි.
පෘතුගිසීන් ශ්‍රී ලංකාවේ කොටසක් වීම
1505 දී පෘතුගිසින් ලංකාවට පැමිණියහ. ඒ වන විට අධික ලාභ උපදවන ව්‍යාපාරයක් වු කුලුබඩු වෙලදාම පිලිබද ඒකාධිකාරය කෝට්ටේ රාජධානිය සතුව තිබුණු අතර පෘතුගිසින්ගේ පරමාර්ථය වුයේ එම අධිකාරය ඔවුන් සතුකර ගැනීමයි. එහෙයින් පෘතුගිසින්ගේ මුල්ම ආක්‍රමණ කොට්ටේ රාජධානියට එරෙහිව සිදුවිය. කොළඹ සිටි පෘතුගිසින්ගේ අවානය ය‍ාපනය දෙසටද යොමු විය. එයට හේතු කිහිපයක් රෝමන් කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම් වලට මැදිහත් වීම එකක් (මෙය පෘතුගිසින්ගේ අභිප්‍රායන්ගෙන් එකකි) පෘතුගිසි විරෝධි කොට්ටේ රාජධානියේ සිටි සිතාවක ප්‍රධානින්ට උදවු කිරීම අනෙක් කරුණයි.
කිසිදු වරායක් නොමැති මධ්‍ය කදුකරයේ පිහිටි කන්ද උඩරට රාජ්‍ය සේවා‍සහ භාණ්ඩ සපයන ස්ථානයක් ලෙස යාපනය රාජධානිය ක්‍රියාත්මක වූ අතර දකුණු ඉන්දියාවෙන් ලැබෙන යුද්ධ ආධාර ලබාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය. තවත් කාරණයක් නම් යුද්ධ උපාය මාර්ග වශයෙන් යාපනයේ වැදත්කම හේතු කොට ගෙන යාපනය රාජධානිය ලන්දේසි ආක්‍රමණ හමුදාවකට සුරක්ෂිත ස්ථානයක් විය හැකියයි යන බියක්ද තිබුණි. 1 වැනි සංකිලි රජු පෘතුගිසීන්ට පක්ෂව කටයුතු නොකළ අතර මන්නාරම් දුපතේ සිටි පරවා කතෝලිකපිරිස 600 – 700 ක් දෙනා ද සමුල ඝාතනය කළේය. මෙම කතෝලික පිරිස ඉන්දියාවෙන් මන්නාරමට ගෙන්වන ලද්දේ ඉතා ලාභ දායක ව්‍යාපාරයක් වු මුතු කිමිදීමේ කටයුතු යාපනයේ රජවරුන්ගෙන් අත්පත් කර ගැනීමටයි. 1505 දී පෘතුගිසීන් ශ්‍රී ලංකාවට පැමැණියහ. අභ්‍යන්තර සිංහල රාජ්‍යයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ වුයේ පොක් සමුද්‍ර සන්දිය හරහාය. පොක් සමුද්‍ර සන්දිය යුද්ධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. ඒ තුල ලංකාව පිහිටා තිබීමෙන් දේශපාලනික අර්බුදයක් නිර්මාණය විය. බොහෝ රජවරු එකිනෙකා හා ගැටුණු අතර අවසානයේ පෘතුගිසීන් සමග සමාදානයෙන් කටයුතු කළහ.
අවනත රාජ්‍ය යුගය
විසුරේ දොම් කොන්ස්තන්තිනෝද බ්රුගන්සාගේ නායකත්වයෙන් 1560 දී කළ පළමු යුද්ධ චාරිකාවේදි රාජ්‍ය යටපත් කර ගැනීමට අපොහොසත් වු නමුදු මන්නාරම් දුපත උදුරා ගන්නා ලදී. සිද්ධිය පිලිබද විස්තර අපහැදිලි නමුත් 1582 වන විට යාපනයේ රජු ඇතුන් 10 දෙනකු හෝ ඒ වටිනාකමට සමා‍න මුදලක් කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. අන්ද්‍රේ ෆමාර්ඩෝද මෙන්ඩොන්සාගේ නායකත්වයෙන් 1591 දී කළ දෙවැනි යුද්ධ චාරිකාවේදි පුවිරාස සිංහම් රජ තනතුරෙහි පිහිටු වන ලදී. ඔහුගේ පුත‍ා වු එදිරිමාන්න කතෝලික මිෂනාරි වරුන් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට නිදහස ලැබුණු අතර රජු විරුද්ද වුවත් නැතත් පෘතුගාලයට ඇතුන් යැවීමේ ඒකාධිකාරයද ලැබුණි. ඔහු 1 වෙනි විමළධර්ම සුරිය සහ සෙනරත් රජුන් යටතේ වු මහනුවර රාජ්‍යයට (1593 – 1635 කාලය තුල) උදවු කළේ පෘතුගිසින්ට එරෙහිව කටයුතු කිරීමට දකුණු ඉන්දියාවෙන් උදව් ලබා ගැනීමේ අදහස ඇතිවයි. කෙසේ වෙතත් ඔහු පෘතුගිසින් ඕනෑවට වඩා කුපිත කිරීමකින් තොරව රාජ්‍යයේ ස්වාධීනව තබාගැනීමට කටයුතු කළේය.
අවසානය
අරාජික යුගය
1617 දී සිදුවු පරරාජසේකරම්ගේ මරණයෙන් පසු ඔහු විසින් රජකමට නම් කල තැනැත්තා මරාදමා අනියමින් රාජ්‍ය බලය ලබා ගත්තේ 11 වැනි සංකිලිය. ඔහුගේ රාජ්‍යත්වය පෘතුගිසීන් පිලි නොගත් බැවින් 11 සංකිලි තන්ජෝර් නායක් වෙතින් යුධ ආධාර ඉල්ලා සිටියේය. තවද මලබාර්ගි මුහුදු කොල්ල කරුවන්ට නෙදුන්තිවු හි කදවුරක් පාවිච්චි කිරීමට අවසර දුන්නේය . පෝක් සමුද්‍ර සන්දිය හරහා පෘතුගිසින්ගේ නැව් ගමනා ගමනයට එය තර්ජනයක් විය. 1619 චලබාර් හි මුහුදු කොල්ලකරුවන් විසින් ව්‍යවර්ථ කරන ලදී. 1617 දී යාපනය රාජ්‍යයට උරුම කරුවෙකු නොවු 11 සංගිලි පෘතුගිසීන් හා ගැටුනේය.
පෘතුගිසීන් ශ්‍රී ලංකාවේ කොටසක් වීම
සංගිලි පරාජය විය. එයින් පසු එතෙක් එහි පැවති ස්වාධීනත්වය 1619 දී නිමාවට පත්විය. පිලිප් ද ඔලිවේජා විසින් කළ දෙවැනි ආක්‍රමණයට 5000 ක් වු බලසම්පන්න හමුදාවක් සහභාගි වුහ. ඔහු 11 වැනි සංකිල පරාජය කලේය. සංකිල සහ ඒ වන විට ඉතිරිව සිටි රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන් අල්ලා ගනු ලැබ ගෝවට ගෙන ගොස් එහිදි එල්ලා මරණු ලැබුහ. අල්ලා ගත් ඉතිරි පිරිසට දේවගැති වරු වීමට බල කරන ලදී. බොහෝ දෙනා ඊට එකග වුහ. මේ නිසා යාපනය රාජ්‍යයට තවදුරටත් උරුමක් කාරයෙකු ඉතිරි නොවීය.

රජ පෙළපත විරුදාවලී කීපයකට හිමිකම් කීවේය. ඒවා නම්
1.    සේතුකාවලන් - (තේරුම - රාමේශ්වරම් කෝවිලේ ආරක්ෂක භාරකාර )
2.    සින්ගයි අරියන් - (සින්ගයි නගර් නමැති නගරයෙන් නල්ලුර් අගනුවරට වෙනත් යමකි.)
3.    ගංගෙයි නාදන් - (ගංගා පෙළපත හෝ ගංගා නම් නදී ආශ්‍රිත ප්‍රදේශයේ සමුබවය වු බවට)
යනාදී ඒවා වේ. දේශපාලනමය වශයෙන් මෙය 13,14 ශත වර්ෂ වලදී කප්පම් ගෙවු ප්‍රදේශයේ රාජ්‍යයන් කීපයක් සහිත ව්‍යාප්ත බලයෙන් යුත් එකක් විය. කෙසේ වෙතත් එය දකුණු ඉන්දීයාවේ විජය නගර් අධිරාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යය සමග එක පිට ගැටුම් ඇති කර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විජය නගර් අධිරාජ්‍යයට මෙන්ම 1450 – 1467 දක්වා කාලය තුල කෝට්ටේ රාජ්‍යයටද යටත් දාසයෙකු ලෙස කටයුතු කිරීමට එම රාජ්‍යයට සිදු විය. කෝට්ටේ රාජ්‍යය සහ විජය නගර් අධිරාජ්‍යයේ බලය පිරිහීමෙන් පසු මෙම රාජ්‍යය නැවතත් ප්‍රතිෂ්ඨාපනය විය. එය දකුණු ඉන්දියාවේ තර්ජෝන් රාජ්‍ය සමගද මහනුවර රාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යයෙන් බෙදුණු කොටස් සමගද සමීප සබදතා ගොඩ නගා ගත්තේය. මෙම කාලය තුල හින්දු කෝවිල් තැනුනු අතර දෙමළ සහ සංස්කෘත සාහිත්‍යයෙන්ද පිබිදීමක් ඇතිවිය.
ප්‍රතිඵලය
ඉතිරි අවුරුදු 40 පුරා පෘතුගිසි පාලනයට එරෙහිව කැලරි 3 ක් ඇතිවිය. මෙයින් දෙකක් මෙහෙය වන ලද්දේ මිගහපුල්ලේ අරෙච්චි විසිනි. අනික යාපනයේ කොටුව ලන්දේසින් විසින් අල්ලා ගන්නා තෙක් උඩරට 1 සෙනරත් රජු විසිනි. මෙම කාලය තුල පෘතුගිසිහු විසින් සෑම කොවිලක්ම පාහේ විනාශ කරන ලදහ. යානය රාජධානියේ තිබුණු ශාස්ත්‍රීය පොත් පත් පිලිබද භාණ්ඩාගාරයක් වැනි වු සරස්වතී මහල් පුස්ථකාලයද විනාශ කළහ. අධික බදු පැනවීම නිසා මහජනයා බොහෝ දෙනෙක් ඉන්දියාවේ රාමනාදන් පුරය වෙතද දකුණු වන්නි ප්‍රදේශයටද සංක්‍රමණය වුහ. ජනගහනය අඩු විය. විදේශ වෙළද කටයුතු අඩපණ විය. ඉන්දියාවේ රාජ්‍යයන් කීපයක් සමග වෙස් ලුණු ලබා ගෙන ලස්බන් වෙත යැවීම පිනිස යාපනයේ ප්‍රධාන අපනයනය වු අලි ඇතුන් හුවමාරු කරගන්නා ලදී. වෙළද කටයුතු පහත වැටීම නිසා අත්‍යවශ්‍ය ආනයනයන් සදහා ගෙවීම් අසිරු වු හෙයින් ආනයන කටයුතු නතර කෙරිනි. පෘතුගිසි ඉතිහාසඥයකු වු ෆර්නාඩ් ද ක්වේරෝස් කියන්නේ පෘතුගිසි යටත් විජිත පාලන සමය තුල යාපනයේ ජනතාව අන්ත අසරණ භාවයට පත්වු බවයි.
යාපනයේ රජ පවුලේ නැති කිරීමට (රාජ්‍යයට උරුමක් කාරයින් නැති කිරීමට) පෘතුගිසින් උත්සාහ කළ නමුත් එම රාජකීය පවුල් වලින් පැවත එන්නේ ය කියනු ලබන ශ්‍රී ලංකා දෙමළ සම්භවයක් ඇති පවුල් බොහෝ ගණනක් ඉතිරිව සිටිති.
ආගම්
ලංකාවේ ශිව දෙවියන් ඇදහීම පිළිබඳ ඉතිහාසය ඉන්දියාවෙන් පැමිණි පදිංචිකරුවන්ගේ මුල් යුගය දක්වා අඛණ්ඩව පවතී. බුද්ධාගමේ ඇදහිලි පුද පූජා සිරිත් තුළ හින්දු ඇදහිලි ද පෘථුල ලෙස අඩංගු වී ඇත. දිවයිනේ චෝල පාලනය පැවති 9 සහ 10 සියවස්වල හින්දු ආගමට දිවයිනේ නිල ආගමේ තත්වයක් ලැබී තිබුණි. චෝලවරුන්ගේ පාලනයෙන් පසු පැමිණි කාලිංග මාඝ හින්දු ආගමේ පුණර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තෙක් ලෙසට සමකාලීන දේශීය ලියවිලිවල සඳහන් වේ.
රාමේශ්වරම්හි රාමනාදස්වරම් කෝවිල - ආර්යචක්රහවර්තී රජවරු ගණනාවක් රාමේශ්වරම් අවට කෝවිල් පවත්වාගෙන යාමට උදව් කර ඇත.
යාපනය රාජධානිය පැවති කාලයේ රාජ්යර ආගම ලෙස ශිව ආගමට විශේෂ වරප්රකසාද හිමි විය. ඉන්දියානු හින්දු ආගමේ වැදගත් පූජනීය ස්ථානයක් වූ රාමේශ්වරම් කෝවිලට තම රජ පරපුරේ මුතුන් මිත්තන් දැක් වූ අනුග්රදහය නිසා ආර්යචක්රසවර්තී රජවරුන්ද ශිව ලබ්ධිකයින් වශයෙන් තමන්ගෙන් එම කෝවිලට ඉටු විය යුතු යුතුකම් ගැන මනා අවධානයකින් සිටියහ. සටහන් වී ඇති පරිදි රජවරුන්ට ලැබී ඇති නම්බුනාමවලින් එකක් වන්නේ 'සේතුකාවලන්' යනුයි. එහි තේරුම 'සේතු' හි ආරක්ෂකයා යන්නයි. 'සේතු' යනු රාමේශ්වරම් හැඳින්වෙන තවත් නමකි. රජපරපුරේ ලකුණක් ලෙස ඔවුන්ගේ කාසිවල සහ ලේඛණවලද 'සේතු' යන්න පාවිච්චි කර තිබේ.
කෝට්ටේ රාජධානිය වෙනුවෙන් යාපනය පාලනය කළ (සෙම්බපෙරුමාල් නමින්ද හැඳින්වෙන) සපුමල් කුමරු, නල්ලූර් කන්දසාමි කෝවිල ප්ර තිසංස්කරණය කිරීම හෝ එය ගොඩනැංවීම කළ පුද්ගලයා වශයෙන් ගෞරවයට පාත්රනවේ. සත්තනාතර් කෝවිල, වෛකුන්ත පිල්ලේයාර් කෝවිල, සහ වීරකාලි අම්මාන් කෝවිල ආදී කෝවිල් ඉදිකිරීම් සම්බන්ධයෙන් සින්ගෙයි පරරාජසේකරම් ද සම්මානයට බඳුන් වේ. ඔහු යමුනෙරි නමින් පොකුණක් තනවා ඉන්දියාවේ ජනතාව පූජනීය ලෙස සලකන යමුනා නදියෙහි ජලයෙන් එය පිරවූයේය. ප්රාධාන කෝවිල් සාමාන්ය යෙන් නඩත්තු කරන ලද්දේ රජු විසිනි. එහි සේවය කරන්නන්ට රාජ්යි භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවණු ලැබීය. මෙම සිරිත ඉන්දියාවේ හෝ ශ්රීප ලංකාවේ සෙසු පළාත්වල ක්රිරයාත්මක නොවූවකි. මේ කියන පූජ්ය ස්ථාන ස්වාධීන පැවැත්මක් ඇති ඉඩ කඩම් හා සම්බන්ධ ආදයම් මාර්ග තිබුණු ආයතන විය.
බොහෝ දෙනාගේ ප්රුධාන දෙවි වූයේ ශිවයි. ලිංගම් නොහොත් ශිව ලිංගය ශිවගේ විශ්ව සළකුණයි. පූජ්යධ ස්ථානවලදී එයට වැඳුම් පිදුම් කෙරෙන්නේය. දේව මණ්ඩලයේ සිටින අනෙක් හින්දු දෙවි දේවතාවියන් වන මුරුගන්, පිල්ලේයාර් සහ කාලිට ද වැඳුම් පිදුම් කරනු ලැබේ. දකුණේ සිංහලයින් විසින්ද කන්නගි දේවියට මහත් ලෙස ගරු සරු දක්වති. ඒ සමගම ගම් මට්ටමින් දෙවිවරු ඇදහීමද ජනප්රිේය ලක්ෂණයකි. යක්ෂ භූතාදීන් සහ යන්ත්ර. මන්ත්රම පිළිබඳ විශ්වාසයද දකුණු ආසියාවේ සෙසු පෙදෙස්වල මෙන් පැවතුණේය.
රාජධානිය තුළ බොහෝ ප්ර මාණයක් හින්දු කෝවිල් තිබුණි. කලාපය පුරා විසිරී තිබුණු සියගණනක් තවත් කෝවිල් සමග ඓතිහාසික වැදගත් කමෙන් යුක්ත ත්රී.කුණාමලයේ කොනේශ්වරම්, මන්නාරමේ කේතිස්තරම් කෝවිල, කීරමලේ නගුලේශ්වරම් කෝවිල වැනි කෝවිල්ද තිබුණි. පුද පූජා කටයුතු සහ උත්සව ආදි‍ෙය් සුළු වෙනස්කම් හැරුණු විට වර්තමාන දකුණු ඉන්දියාවේ කෙරෙන ඒවා හා සමානය. ශිව පූජකවරුන්ගේ දෙමළ ආගමික ගීතිකා වන්දනාමාන කිරීමේදී යොදා ගනු ලැබේ. අප්රේකල් මාසයේ මැද යෙදෙන හින්දු අළුත් අවුරුද්ද උත්සවශ්රීේයෙන් සමරණු ලබන අතර නවරාත්රී , දීපවාලී, ශිවරාත්රීක සහ තෛපොංගල් ආදී උත්සව ද, විවාහ මරණ සහ වැඩිවියට පත්වීම පිළිබඳ උත්සව ද එදිනෙදා ජීවිතයේ අංගයන් විය.
සාහිත්‍යය
රජ පෙළපත්වල රජවරු සාහිත්යභය කටයුතුවලට සහ අධ්යාතපනයට අනුග්රිහය දැක්වූහ. කෝවිල්වල තිබුණු පාඨශාලාවලින් සහ සාම්ප්රතදායික (තින්නෛ පල්ලිකූඩම් යනුවෙන් දෙමළෙන් හැඳින්වෙන) ගුරුකුලම් ආයතනවලින් දෙමළ හා සංස්කෘත භාෂා සහ ආගම් පිළිබඳ මූලික දැනුම සමාජයේ ඉහළ පන්ති සඳහා බෙදා දෙන ලදී. ජයවීර සිංගයිඅරියන්ගේ පාලන කාලය තුල වෛද්යි විද්යාහව ගැන කෘතියක් ද (සේගරාජසේකරම්) ජ්යොමතිෂය ගැන ද (සේගරාජසේකර මාලෙයි) සහ ගණිතය ගැන ද (ගණකාධිකාරම්) වැනි කෘතීන් කරිවයියා විසින් කරනු ලැබීය. ගුණවීර සිංගයි අරියන්ගේ පාලන සමයේදී වෛද්යණ විද්යා)ව ගැන 'පරරාජසේකරම්' නැමැති කෘතියක් නිම කරන ලදී. සින්ගයි පරරාසසේකරම්ගේ කාලයේදී දෙමළ භාෂාව ව්යාීප්ත කිරීම සඳහා පුරාණ දෙමළ සංගම් ආකෘතිය අනුව අධ්යාිපන ආයතනයක් නල්ලූර්හිදී ආරම්භ කරන ලදී. මෙම ආයතනයෙන් පුරාණ දෙමළ කෘතිවල අත්පිටපත් එකතු කර සංරක්ෂණය කිරීම වැනි ඉතා වැදගත් කාර්යයක් ඉටු විය. එම කෘතීන් සරස්වතී මහල් නම් වූ පුස්තකාලයක තැන්පත් කරන ලදී. සිංගයි පරරාසසේකරම්ගේ ඥාති සහෝදරයා වූ අරසකේසරී සංස්කෘත සම්භාව්යත ග්රීන්ථයක් වූ රඝුවංශය දෙමළට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්ර වේ. යුරෝපීය යටත් විජිත වාදීන් පැමිණීමට පෙර සංග්ර හ කොට සකස් කරන ලද අනෙකුත් ඓතිහාසික වැදගත්කමක් ඇති ශාස්ත්රී ය කෘතීන් අතරින් වෛයපුරි අයියර් විසින් ලියන ලද වයියපවල්නම් කෘතිය ඉතා ප්රෘසිද්ධ එකකි.
ගෘහ නිර්මාණ ශිල්පය
13 වැනි ශත වර්ෂය වන විට ශ්රී් ලංකාවේ පැවති මහා කලා ශිල්ප හා වාස්තු විද්යාිත්මක ක්ර මවල සමෘද්ධිමත් යුගයේ පිරිහීමක් දක්නට ලැබුණු නමුත් කාලයෙන් කාලයට එකී ශිල්ප කෙරෙහි දකුණු ඉන්දීය බලපෑම් එල්ල වෙමින් තිබිණ. ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනයා විසින් 10 වෙනි සියවසේ සිට සාදන ලද කෝවිල්, විජයනගර් යුගයේ මදුරෙයි සම්ප්රකදායට අයත් විය. මධුරෙයි සම්ප්රටදායෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ඉතා අලංකාර වූත් අඹන ලද රූප විශාල ප්ර මාණයක් සහිත කුලුණ හෙවත් 'ගෝපුරම්' නමැති අංගයයි. කෝවිලට ඇතුලු වන දොරටුවට ඉහළින් මෙය එක්කර තිබුණි. යාපනය රාජ්යණය තුල තිබූ එකී සම්ප්රඅදායේ ඉතා වැදගත් ආගමික ගොඩනැගිලි කිසිවක් පෘතුගීසීන් විසින් කරන ලද විනාශයේදී ඉතිරි නොවුනි.
නල්ලූර් නමැති අග නගරය ගොඩ නගන ලද්දේ දොරටු සහිත පිවිසුම් ස්ථාන හතරකින් යුතුවයි. පිවිසුම් දොරටු හතර කෝවිල් හතරකින්ද ප්රුධාන පාරවල් දෙකකින් ද යුක්ත විය. නැවත ගොඩ නගා තිබෙන දැනට පවතින කෝවිල් ඒවායේ මුල් පිහිටීම සමග නොගැලපේ. මුල් ස්ථානවල තිබෙන්නේ පෘතුගීසීන් විසින් ඉදි කරන ලද දේවස්ථානයි. නගරය මධ්ය යේ 'මුදිරෛ සන්තයි' නොහොත් වෙළඳ පොළ විය. එය වට කොට හතරැස් ආරක්ෂක කොටුවක් විය. රජවරුන් සඳහාද පූජකයින්, සෙබලුන්, සහ වෙනත් සේවා සපයන්නන් සඳහා උසස් තත්වයේ ගොඩනැගිලි තිබුණි. උස් පවුරුවලින් යුත් පැරණි නල්ලූර් කෝවිල ක්රිරයාත්මක වූයේ ආරක්ෂිත කොටුවක් වශයෙනි. පොදුවේ ගත් කළ නගරය නිර්මාණය කර තිබුණේ හින්දු සම්ප්රකදායයන්ට අනුව සාම්ප්රකදායික කෝවිල් නගරයක් ලෙසිනි.

1.   මඩුකන්ද විහාරය








ඓතිහාසික මඩුකන්ද ශ්‍රී දළදා රජ මහා විහාරය වවුනියාව ත්‍රිකුණාමල ප්‍රධාන පාරේ මඩුකන්ද පොලිස් ස්ථානය අසළයි පිහිටලා තියෙන්නේ. අතීතයේ දළදා වහන්සේ තැම්පත් කල ස්ථාන කිහිපයෙන් එකක් ලෙස හඳුන්වන මඩුකන්ද විහාර දළදා මාළිගාව විවිධ ගල් කැටයම්වලින් අලංකාර කරලා තියෙනවා. ඒ වගේම ගලින් කළ දැනට නටබුන් වෙලා තියෙන විශාල ශීත ශාලාවක්, පැරණි වාසල් දොරටුවක් සහ ගලින් කළ පැරණි පොකුණු හතරෙන් දෙකක් තවමත් ඔබ ගියොත් දැකගන්න පුළුවන්.


2.   ඉරණමඩු වැව





ඉරණමඩු ජලාශය උතුරු පළාතේ ඇති ප්‍රධානතම ජලාශයක්. වර්ග කිලෝ මීටර් පනහක පමණ භූමි ප්‍රදේශයක්‌ වසාගෙන සිටින ඉරණමඩු වැව පස්‌වෙනි ශතවර්ෂයේදී ධාතුසේන රජතුමා ඉදිකළා කියලයි කියන්නේ, මේ වැව එදා හඳුන්වා ඇත්තේ රණමඩුවැව කියලයි. වන්නියේ වැව් නිමාව” (අවසාන වැව) විදිහට හඳුන්වන මේ වැව වාන්දමන කාලයට ඉතා සුන්දර දසුනක් වන බව නම් නොරහසක්.



3.හසලක ගාමිණි රණවිරු ස්මාරකය.

අතීත කතාවක් එක්ක යුද්ධය ගැන මතක් වෙද්දී හිතට එන චරිතයක් හසලක ගාමිණි. කෝප්‍රල් ගාමිණි නවරත්න 1986 දී යුද හමුදා සේවයට එක් වෙලා අඹේපුස්ස , හම්බන්තොට , තංගල්ල , කන්කසන්තුරේ පළාලි යන කඳවුරුවල සේවය කළා. ගාමිණී අවසාන වරට එක්වුණේ අලිමංකඩ කඳවුරේ සේවයට. ඔහු 1991 ජූලි 10 දින රාත්‍රියේ අලිමංකඩ කඳවුරට පහරදීමට පැමිණි පුපුරණ ද්‍රව්‍ය පිරවූ LTTE බුල්ඩෝසරයක් වෙත බෝම්බ දෙකක් ගෙන පැන එය විනාශ කළා. මේ හේතුව නිසා අලිමංකඩ කඳවුර විනාශ වීම නැවතුනු අතර ඔහුගේ ජීවිතය පුද කරපු ගාමිණි නවරත්න අලිමංකඩ වීරයාලෙසින් හඳුන්වන්න පටන් ගත්තා. අදටත් මේ රණවිරු ස්මාරකය නරඹන්නට දහස් සංඛ්‍යාත ජනකායක් ඇදී එනවා දකින්නට පුළුවන්.

3.   පුනරින් බලකොටුව



දැනට ගරා වැටිලා තියෙන පුනරින් හි තියෙන ඕලන්ද බලකොටුව පිහිටුවලා තියෙන්නේ ක්‍රි.ව. 1619-1659 අතර කාලයේයි කියලා කියවෙන්නේ. යාපනයෙන් එකතු කරගත්ත ධනය සහ ධාන්‍ය සුරකින්නට මේ කොටුව පිහිටෙව්වා කියලත් කියනවා. මෙයට අමතරව සිංහල සහ වන්නියාර් රජවරුන්ගෙන් වන ගැටළු වලට පිලියමක් ලෙස භාවිතා කල බවත් කියවෙනවා. වර්තමානය වන විට දැඩි ලෙස කඩා වැටිලා තියෙන මේ බලකොටුව, හමුදාව අත්පත් කරගැනීමෙන් පසුව ඇසට ප්‍රිය ජනක විදියට පවත්වාගෙන යන්නට උත්සහ කරලා තියෙන බව පෙනෙන්නට තියෙනවා.
4.   මනල්කඩු වැලි කඳු



ප්‍රමාණයෙන් කුඩා වැලි කතරක් සහ වැලි කඳු සහිත බිම්කඩක් වන මනල්කඩු පිහිටා ඇත්තේ බුන්දලට දකුණු පසින් වෙන්නටයි. පේදුරු තුඩුව ආශ්‍රිතව පිහිටා ඇති මේ ප්‍රදේශය,සවස ඉතා සුන්දර බව කියවෙනවා. තවද වල්ලිපුරම් කෝවිලට සහ පේදුරු තුඩුවට යන තුරුම මේ වැලි කඳු දැකගන්නට පුළුවන්.



5.   සංකිලි රජතුමාගේ මාලිගය (සංකිලි තෝප්පු)



සංකිලි රජතුමා ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා ඔහු කිතු දහමට විරුද්ධ වුණා, මේ නිසා ඕලන්දක්කාරයෝ ඔහුට විරුද්ධ වුණා. යාපනේ ඉඳන් මන්නාරමට ගිය සංකිලි රජතුමා ආපහු යාපනේ එන්නට පෙර ඕලන්ද ආක්‍රමනිකයින් බලවන්ත වුණා. එහෙවු කාලෙක හිටපු සංකිලි රජුගෙ මාලිගාව තාමත් ඉතුරු වෙලා තියෙනවා. වර්තමානය වෙනකොට ගරා වැටෙමින් පැවතියත් මුළුතැන්ගෙය සහ කාමර කිහිපයක නම් තවමත් හොඳ තත්වයේ තියෙනවා. ඒවගේම මෙය ඇමති කෙනෙක්ගෙ මාලිගයක් බවත් කියවෙනවා.

7.යාපනය බලකොටුව.


පෘතුගීසින් විසින් උතුරේ පාලන කටයුතු කරගෙන යාම සඳහා භාවිතා කල යාපන බලකොටුව, යුධ කාලයේදී බොහෝ සේ විනාශ වුවත්, ඕලන්ද රජයේ උදව් සහිතව නැවතත් ප්‍රතිසංස්කරණය කිරීමට ලක්ව පවතින්නකි. යාපන නගරයට ආසන්නයේම කුඩා කොටුවක් ලෙස අතීතයේ නිම කලත්, පසුව ලන්දේසින් විසින් මේ පෘතුගීසි කොටුව යටත් කරගැනීම නිසා කොටුවේ වපසරිය විශාලනය කර පන්චාශ්‍ර කොටුවක් ලෙස ඉදිකළා. යාපන නගරයේ ප්‍රධාන සංචාරක ස්ථානයක් බවට අද පරිවර්තනය වී ඇත.

8. යාපන පුස්තකාලය



යාපනය පුස්තකාලයට ගිණි තබා පසුගිය මැයි 31 වනදාට වසර 34 ක් සම්පුර්ණ විය.එදා ජාතිවාදීන් විසින් ගිණි තැබු මෙම පුස්ථකාලය ගොඩනැගිල්ලක් ලෙස යළි ඉදිවී තිබුණද එදා තිබු දැනුම් සම්භාරය එහි දක්නට නොමැත.
අද යාපනය පුස්තකාලයට යන වන්දනා නඩ ඉස්සරහා දොරෙන් ඇතුළු වී වටපිට හා උඩ බලමින් පිටුපස දොරෙන් පිටව යන ආකාරය අවස්ථා ගණනාවකදීම පෞද්ගලිකවම මම දැක ඇත්තෙමි.
බොහෝ වන්දනාකරුවන් එසේ යාපනය පුස්තකාලය නැරඹුවේ එහි තිබෙන ශාස්ත්‍රීය වටිනාකම නිසා නොව එය ලංකා ඉතිහාසයට එකතු වූ ස්මාරකයක් වීම නිසා බව අපට සිතේ. ඒ තිස්හතර වසරකට ඉහතදී යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් එය ලෝක ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්වීම නිසාය. මේ නිසා යාපනය පුස්තකාලයේ වටිනාකම පැහැදිලි කිරීම මෙම සටහනේ අරමුණයි.
යාපනය පුස්තකාලයේ ඉතිහාසය 1842 දී ඉංග්‍රීසීන්ගේ පාලන සමය දක්වා විහිදී තිබේ. යටත් විජිත සමයේ යාපනය හැඳින්වූයේ මිෂනාරි අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙසය. එකල ලංකාවේ හොඳම පාසල් තිබුණේ කොළඹ, ගාල්ල හා යාපනයේය. අධ්‍යාපනය පමණක් නොව මේ දිස්ත්‍රික් තුනේ උසස් අධිකරණ පද්ධතියක් ද ක්‍රියාත්මක විය. මේ හේතුවෙන් යාපනයේ නීති අධ්‍යාපනයද දියුණු කෙරුනි.
‍පොත පත හිඟ එකල ‍පොත්පත් පරිශීලනය ‍පොදු ස්ථානයක අවශ්‍යතාව එකල යාපනයේ පරිපාලකයින්ට දැනුනි. ඒ අනුව යාපනයේ රජයේ ඒජන්ත තැන වූ විලියම් තුවයිහිම් හා යාපනයේ මහාධිකරණයේ ‍ලේකම්වරයා වූ එස්.ඊ. ග්‍රිනියර්ගේ ප්‍රධානත්වයෙන් 1842 ජනවාරි මාසයේදී මුල් වරට පුස්තකාලයක් ආරම්භ විය.
මෙය ලංකාවේ පිහිටු වූ ප්‍රථම පුස්තකාලය ලෙස සැලකේ. ‍පොදු කියවීම් ශාලාව ලෙස ආරම්භ කළ මෙය ස්ථාපිත කරනු ලැබුවේ යාපනය අධිකරණය ආසන්න ගොඩනැගිල්ලකය. මෙහි වැඩිපුරම තිබුණේ නීතියට සම්බන්ධ පත ‍පොතය. නීතිය පිළිබඳ වැදගත් පත ‍පොත කොතරම් තිබුණේද යත් කොළඹ නීති විදුහ‍ලේ නැති ‍පොත් පවා යාපනය පුස්තකාලයේ තිබුණි. ඒ නිසා නීතිය හදාරන සිසුන් හා නීතිවේදීන් කොළඹ සිට යාපනය පුස්තකාලයට පැමිණ ‍පොත්පත් කියවූ ඉතිහාසයක්ද තිබුණි. ඒ අතර හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන ද හුන්නේය. දහනව වැනි සියවසේ මුල් කාලයේ ඔහු නීති සිසුවෙකු ලෙස කොළඹ ඉගෙන ගත් අවධියේ සිකුරාදා රාත්‍රී තැපැල් දුම්රියෙන් යාපනයට ගොස් සෙනසුරාදා ඉරිදා පුස්තකාලයේ ‍පොත් කියවා ඉරිදා රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ පැමිණි බව ඔහු වරක් කීවේය.
කෙසේ නමුත් නීතිඥයින් හා නඩුකාරවරුන් නිතර ගැවසුණු මුත් පුස්තකාලයට සාමාන්‍ය වැසියන් පැමිණියේ ඉතා අඩුවෙනි. ඒ නිසා හැමෝටම පාවිච්චි කළ හැකි කියවීම් ශාලාවක අවශ්‍යතාව පිළිබඳව පාලකයින්ගේ අවධානය යොමු විය. එහි ප්‍රතිඵලය වූයේ 1933 නොවැම්බර් මස 11 දින තාවකාලිකව අටවනු ලැබූ ගොඩනැගිල්ලක පුස්තකාලය ආරම්භ කිරීමයි. එහි පහසුකම් මද බැවින් පුස්තකාලය දියුණු කිරීම සඳහා 1934 ජුනි 09 දින රැස්වීමක් කැඳවීය. යාපනය මධ්‍ය මහා විදුහ‍ලේ ප්‍රධාන ශාලාවේදී මෙම රැස්වීම පවත්වන ලදී. එහිදී යාපනය පුස්තකාලය දියුණු කිරීම සඳහා කමිටුවක් පත් කෙරුනි. කමිටු ප්‍රධානියා වූයේ එවකට යාපනය මහාධිකරණ ලේකම්වරයා වූ කේ.එම්. වෙල්ලජන මහතාය.
සෙසු සාමාජිකයින් වූයේ යාපනය දිස්ත්‍රික් මහේස්ත්‍රාත් සී. කුමාරසාමි, නීතිඥවරුන් වන එස්. ‍පොන්නම්බලම්, කනගසබේ, තැපැල් ස්ථානාධිපති මුත්තයියා ගණකාධිකාරී වේලුපිල්ලෙයි, පරමේශ්වරා විදුහ‍ලේ විදුහල්පති නඩේසපිල්‍ලේ, ඇන්ග්ලිකන් සභාවේ පූජක අයිසැක් තම්බයියා යන පිරිසයි. එහිදී ගන්නා ලද තීරණයන් වූයේ යාපනයේ තිබෙන පැරණි පුස්තකාල ‍පොත් එක් රැස් කර සංරක්ෂණය කිරීමටත් විධිමත් ලෙස පුස්තකාලය ආරම්භ කිරීමටත් ඒ සඳහා මහජනතාවගෙන් ආධාර ගැනීමටත්ය.
ඒ අනුව යාපනය මධ්‍යම නිදහස් පුස්තකාලය සඳහා යැයි ආධාර පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදාහැරි අතර එයින් ලැබූ ආදායම රුපියල් 1124.80ක් බව පැරණි විස්තරවල සඳහන් වේ. අනතුරුව 1934 ජුලි 28 දින යාපනය අධිකරණයේ ශාලාවක පැවැති සාකච්ඡාවකදී තීරණය මත යාපනය රෝහලට පිටුපස මාර්ගයේ පිහිටි ගොඩනැගිල්ලක් රුපියල් 300ක කුලියකට ගන්නා ලද අතර රුපියල් 120ක් ලී බඩු සඳහා වැය කළ බව සඳහන්ය. රුපියල් 20ක මාසික වැටුපකට පුස්තකාලයාධිපතිවරයෙක්ද බඳවා ගන්නා ලදී. එහිදී සිදු වූ විශේෂත්වය නම් නගරවාසීන් හට සිය නිවෙස් වෙත රැගෙන ගොස් පරිශීලනය කළ හැකි ලෙස ‍පොත් 844න් යුත් බාහිර ‍පොත් අංශයක්ද විවෘත කිරීමය. තවද ඉන්දියාවේ පළවන ද හින්දුපුවත්පත පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා පුස්තකාලයට ගෙන ආවේය. පුස්තකාලය පෙරවරු 8 සිට 7.30ට දක්වා විවෘතව තැබිණි. ඇතැම් අවස්ථාවල පැට්‍රල් ලාම්පුවලින්ද පුස්තකාලයට එළිය සැපයූ බව සඳහන්ය.
පුස්තකාලය වැඩි දියුණු කිරීමට අවශ්‍යතාව තිබුණද ඊට බොහෝ බාධා තිබුණි. ප්‍රධාන වශයෙන්ම මුදල් හිඟය හා කමිටු සාමාජිකයන් හට පුස්තකාලයේ වැඩි දියුණුව සඳහා කැප කිරීමට ප්‍රමාණවත් කාලය නොමැතිකම බලපෑවේය. ඒ නිසා 1934.12.20 දින පවත්වන ලද කමිටු සාකච්ඡාවක තීරණයක් මත 1935 ජනවාරි 01 වන දින සිට පුස්තකාලයේ පාලනය යාපනය නගර සංවර්ධන සභාව වෙත පැවැරුණි.
වර්ෂ 1950 දශකය වන විට යාපනය පුස්තකාලයට දරාගත නොහැකි තරමේ පාඨකයෝ විශාල පිරිසක් සිටියහ. ස්ථිර එසේම අංග සම්පූර්ණ දැවැන්ත පුස්තකාලයක අඩුව තදින්ම දැනෙන්නට විය. ඒ නිසා නව පුස්තකාල ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් සකස් කෙරුනි. එම සැලැස්මට අනුමැතිය ලැබුණේ 1953 ඔක්තෝබර් 16 දිනයි. 1954 මාර්තු 29 දා මුල්ගල තැබුණි. වත්මන් යාපනය පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ 1959-10-11 දිනය. ඒ එවකට යාපනය පුරපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා අතිනි. (පසු කලක එල්.ටී.ටී.ඊ ය විසින් ඔහු ඝාතනය කෙරුනි.)
යාපනය පුස්තකාලය යනු 1950 දශකයේ ලංකාවේ තිබූ විශාලතම එමෙන්ම අංගසම්පූර්ණ පුස්තකාලය විය. දුප්පත් ‍පොහොසත් භේදයකින් තොරව ජනතාව යාපනය පුස්තකාලය පරිහරණය කළේය. අන්තර්ජාලය ටියුෂන් නැති එකල විදුලිබල පහසුකම් තිබුණේද අල්ප වූ පිරිසකටය. ඒ නිසා දුගී පවුල්වල තරුණ තරුණියෝ පයින් හෝ පාපැදියෙන් පැමිණ රෑ බෝවන තුරු පුස්තකාලයේදී තම ඉගෙනුම් කටයුතු කළහ. එකල කොළඹ පරදවන තරමට අධ්‍යාපන පද්ධතියක් යාපනයේ තිබුණි. එහි ප්‍රධාන සාධකය යාපනය පුස්තකාලය බව බහුතරයකගේ අදහසයි. එබැවින් අධ්‍යාපනයේ හදවත ලෙස සැලකුණේ මෙම පුස්තකාලයය. උගතුන් මේ පුස්තකාලයට කොපමණ ආදරය කළේද කිවහොත් ඔවුහු තමන්ට අයත් ‍පොත් පත් සිය ගණන් යාපනය පුස්තකාලයට පරිත්‍යාග කිරීමට නොපැකිළුණහ. ලංකාවෙන් බිහි වූ විශිෂ්ට දෙමළ උගතෙකු හා ජාතික වීරයකු වූ ශ්‍රීමත් ‍පොන්නම්බලම් අරුණාචලම්, කොළඹ 07 පදිංචිව සිටි එකල කීර්තිමත් නීතිඥයකු වූ බාල කුමාර් කුලසිංහම් එසේ ‍පොත් පරිත්‍යාග කළ දෙමළ ප්‍රාඥයෝය. ශ්‍රී ලංකා පුරාවිද්‍යා වංශ කතාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේද පෞද්ගලික පුස්තකාලයේ ‍පොත්පත්වල නවාතැන වූවේද යාපනය පුස්තකාලයයි.
කෙසේ නමුදු 1981 පැවැති යාපනය සංවර්ධන සභා ඡන්ද පැවැති කාලයේදී යාපනය පුස්තකාලය ගින්නට බිලිවිය. මේ පිළිබඳ චෝදනාව එල්ල වූයේ එවකට පැවැති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවටය. යාපනය පුස්තකාලයට ගිනි තැබිම ජනවාර්ගික අර්බුදයේ හැරවුම් ලක්ෂයක් ලෙසද ඇතැම්හු සලකති.
ඒ ගින්නේ රස්නය උතුරේ තරුණයන්ට පමණක් නොව දකුණටද හොඳටම දැනුණේය.
යාපනය පුස්තකාලයට ගිනි තබන විට එහි තිබූ වටිනා ‍පොත් සංඛ්‍යාව 97000කි. ඒ අතර රොබට් නොක්ස් විසින් ලියන ලද එදා හෙළදිව ඉංග්‍රීසි ‍පොතේ මුල් පිටපතද පිලිප් බැල්දියස් විසින් 1700 දශකයේ ශ්‍රී ලංකාව ගැන ලියන ලද මුල් පිටපතද 1686දී මුද්‍රිත බයිබල් පිටපත ඇතුළු පැරණි ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් විය. තවද එහි තිබූ පුස්කොළ ‍පොත් සංඛ්‍යාව පමණක් 10,000ක් පමණ වෙති. වසර සිය ගණනක් පැරණි එම පුස්කොළ ‍පොත් ආයුර්වේද වෙදකම පැරණි මන්ත්‍ර, සාහිත්‍යය, ඉතිහාසය ආදී වැදගත් කරුණු පිළිබඳව ලියැවී තිබුණි. යාපනය පුස්තකාලය ගින්නෙන් විනාශ වීමෙන් පසුව නැවත ආරම්භ කෙරුණේ ස්ථාන හතරකය. නල්ලුර්, නාවලර් වීදියේ ගුරුනගර් වන්නාපන්හෙයි යන ස්ථානවල අංශ හතරකට බෙදා ආරම්භ කෙරුණි.
මේ අතර අනූ පහේදී යාපනය අර්ධද්වීපය හමුදා පාලනයට නතුවීමෙන් පසු පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත විය.
අද තිබෙන්නේ එසේ විවෘත කළ පුස්තකාලයයි. මේ වන විට එහි කාර්ය මණ්ඩලය 60ක් පමණ වේ. එහි තිබෙන ‍පොත් සංඛ්‍යාව 150,000 ඉක්මවා ඇත. විවිධ අංශ අටක් යටතේ ක්‍රියාත්මක වන යාපනය පුස්තකාලයේ සිංහල ‍පොත් මෙන්ම සියලුම සිංහල පුවත්පත්ද ඇත. වායුසමීකරණය කර ඇත. එසේම අන්තර්ජාල එජ් පහසුකම් ඡායා පිටපත් ආදී පහසුකම්ද රැසක් ඇත. ඉතා සුළු මුදලකින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට හැකි වීම උපකාර පන්ති ‍පොත්පත් සුලබ වීම ආදී කරුණු නිසා අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන්නන්ගේ අඩුවක් දක්නට තිබෙන බව එහි කාර්ය මණ්ඩලය කියති. එසේ වුවද දිනකට 1000 ක පමණ පාඨකයෝ පිරිසක් තවමත් පැමිණෙති. පිරිසක් තවමත් සඳුදා හා රජයේ නිවාඩු දින හැර අනෙකුත් දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 6.30 මෙහි දකුණෙන් පැමිණෙන සංචාරකයන්ට නැරඹීමට අවසර ලැබෙනුයේ පස්වරු 4.30 සිට 6.30ට දක්වා ය. ඒ සඳහා රුපියල් 10ක ටිකට් පතක්ද ලබා ගත යුතු වේ.
ඒ කෙසේ වෙතත් යාපනය පුස්තකාලයට ඇති පිළිගැනීම එලෙසම ඇත. යාපනයේ කොතෙක් ස්ථාන තිබුණද නවනීදන් පිල්‍ලේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ආදී ප්‍රභූ අමුත්තන් සිය හමුවීම් උතුරේ පවත්වනු ලැබුවේ යාපනය පුස්තකාලයේදීය. ඒ වෙන කිසිවක් නිසා නොව යාපනය පුස්තකාලය යාපනයේ ලකුණ බැවිනි.

කීරමලේ පොකුණ



උතුරු ප්‍රදේශයේ සංචාරයේ යෙදෙන සෑම අයෙකුම පාහේ කන්කසන්තුරේ වලිකාමම්හි පිහිටි කීරිමලේ පොකුණෙහි ස්නානය කිරීමට අමතක නොකරති. මුහුදට යාබදවම පිහිටා ඇතත් මේ පොකුණෙහි ජලය ලවණ රහිත වන අතර, එම ජලය ස්නානය කිරීමෙන් විවිධ චර්ම රෝග සුව වන බවට විශ්වාසයක්ද පවතී. මේ පොකුණෙන් විශාල ජල කදක් මුහුදට ගලා ගියද ,එහි ජල ප්‍රමාණය අඩුවීමක් සිදු නොවන අතර, පොකුණ කරා මාතලේ ප්‍රදේශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ ජලය ගලා එන බවට ජනප්‍රවාදයක්ද පවතී.

නාගපූෂණී අම්මාන් කෝවිල






නාගපූෂණී අම්මාන් කෝවිල යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ නාගදීප දිවයිනෙහි පිහිටි පැරණි හින්දු සිද්ධස්ථානයක් වේ. මීට වසර දහස් ගණනකට පෙර දිවයිනෙහි විසූ නාග ගෝත්‍රිකයින් විසින් නයිනාර් නම් දෙවි වන්දනය පිණිස මෙම පුදබිම යොදාගත් බැව් විශ්වාස කෙරේ. කෙසේ නමුදු වර්ථමානයේ කෝවිලෙහි දැකගත හැකි ඉදිකිරීම්, මෑත කාලීනව සිදුකල ඒවා වේ. කෝවිල ආසන්නයේම බෞද්ධ සිද්ධස්ථානයක් වූ නාගදීප පුරාණ විහාරයද පිහිටා තිබේ. (පළමුවන පරාක්‍රමබාහු රජ)
නාග පූසානි අම්මාන් කෝවිල

මණිනාගදීපයේ රාජායතන චෛත්‍යය වැඳීමට වැඩමකළ භික්‍ෂුන් සැටනමකට නාගා නමැති දාසියක්‌ වෙහෙස මහන්සි වී උපයා ගත් ධනයෙන් දානය දුන්නාය. ඇයගේ ශ්‍රද්ධාව ගැන සැලකූ එම භික්‍ෂුන් වීර්යයෙන් යුතුව රහත් බව ලැබ එම දානය වැළ»හ. ඒ පුවත අසා පැහැදුණු රජතුමා නාගා දාස බවින් මුදවා මණිනාග දිවයින ඇයට තෑගි කළ බව සද්ධර්මාලංකාරයේ නාගා වස්‌තුවෙහි සඳහන් වෙයි. මණිනාගදීපයට නාගදීපය යන නම ලැබුණේ ඉන්පසුවය. සැමගේ සිත් දිනාගෙන ඔවුන්ට උදව් කරමින් ජීවත් වූ නාගා මැරුණ පසු දේවත්වයට පත්වූවාය. හින්දු බැතිමතුන් නාගම්මා හෙවත් නාග පූෂානි අම්මන් කෝවිල නමින් හඳුන්වන්නේ ඇය වෙනුවෙන් තැනුන දෙවොල යි. එය පිහිටා තිබෙන්නේ වර්තමාන නාගදීප විහාරය ආසන්නයේ ය. එම භූමියෙහි නටබුන් සහ සෙල්ලිපි තිබෙන බවත්, ඒවා මත ගොඩනැඟිලි ඉදිකර ඇති බවත් කියති. මහ පැරකුම් රජු ඉන්දියානු වෙළෙඳුන් දැනුවත් කිරීම සඳහා ඌරාතොට වරායේ පිහිටුවා තිබූ සුප්‍රකට දෙමළ සෙල්ලිපියේ කොටසක්‌ මෙම කෝවිලේ බිත්තියකට සවිකර ඇත. ඉතිරි කොටස ආයුධ මුවහත් කිරීමට භාවිතා කළ බව දැනගන්නට ඇත. වල්ලිපුරම් විෂ්ණු දේවාල භූමියෙන් 1906 වසරේ ලැබුණ සෙල් බුදුපිළිමයක්‌ සර් හෙන්රි බ්ලේක්‌ ආණ්‌ඩුකාරවරයා සියම් රටේ සිව්වන රාම රජුට පරිත්‍යාග කර තිබේ. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා එම බුදුපිළිමය නැවත ලක්‌දිවට ලබා ගැනීමට වෑයම් කළේය.
නල්ලූර් කන්දස්වාමි කෝවිල




 ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙහි ඇති සුවිශේෂී හින්දු කෝවිලකි. එය නල්ලුර් නගරයෙහි පිහිටා ඇත. මෙම කෝවිලෙහි ප්‍රධාන දෙවියන් වන්නේ මුරුගන් දෙවියන්ය.
ඉතිහාසය
මුල්ම කන්දස්වාමි කෝවිල ආරම්භ කරන ලද්දේ 1948 දීය. යාල්පාන වෛපව මලෛට අනුව මෙම කෝවිල 13 වන සියවසේදී යාපනයේ කාලිංග මාඝ රජතුමාගේ ඇමතිවරයෙකු වූ පුවෙනක වාහු විසින් සංවර්ධනය කරන ලදී. තුන්වන නල්ලුර් කන්දස්වාමි කෝවිල ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම යාපනය රාජධානිය පාලනය කල සපුමල් කුමාරයා විසින් කරන ලදී. නල්ලුර් කෝවිල ආසන්නයේ රජ මාලිගාව පිහිටා ඇති අතර නල්ලුර් යාපනයේ රජවරුන්ගේ අගනුවර ලෙසද සැලකේ. නල්ලුර් පිවිසුම් ගේට්ටු හතරකින් ඉදිකර ඇත. 
වර්තමානයේදී මුල්ම නල්ලුර් කෝවිල තිබු ස්ථානයේ පෘතුගීසීන් විසින් ඉදි කරන ලද පල්ලි දක්නට ලැබේ. නගර මද්‍යය මුතිරෛ සන්ති වූ අතර එය වටා බලකොටුවක් පිහිටා ඇත. එහි රජවරුන්, බ්‍රහ්මණ පූජකයන්, සොල්දාදුවන් සහ වෙනත් සේවා සපයන්නන් සඳහා අලංකාර ගොඩනැගිලි තිබී ඇත. උස් බිත්ති සහිත පැරණි කන්දස්වාමි කෝවිල ආරක්ෂක බලකොටුවක්ද විය. ක්‍රි.ව. 1624 දී පෘතුගීසී කතෝලික යටත් විජිතයේ ඔලිවේරා විසින් තෙවන නල්ලුර් කෝවිල විනාශ කරන ලදී. වර්තමානයේ නල්ලුර් හි ශාන්ත ජේම්ස් පල්ලිය පිහිටා ඇති ස්ථානයේ මුල්ම නල්ලුර් කෝවිල පිහිටා ඇත.
ලන්දේසි යටත් විජිත යුගයේදී එකල කුරුක්කල් වලව් නම් ප්‍රදේශයක ලන්දේසි කච්චෙරියේ සරප් ලෙස සේවය කල 'දොන් ජූඅන් ' රගුනාථ මාපාන මුදලියර් විසින් හතරවන එනම් වත්මන් කෝවිල ක්‍රිස්තු වර්ශ 1734 දී ඉදිකර ඇත. කෝවිලේ ප්‍රථම වරට පුජකයෙකු ලෙස සේවය කර ඇත්තේ බ්‍රහ්මනයකු වු ක්‍රිශ්නෛයර් විසිනි. 
ආරම්භයේදී කෝවිල ඉදිකර ඇත්තේ ගඩොල් සහ ගල් වලිනි. එහි වහලයට පොල් අතු භාවිතා කර ඇත. මුල්ම සිද්ධස්ථානයේ තිබී ඇත්තේ කුඩා ශාලා දෙකක් පමණි. අතීතයේ සියවස් ගණනාවක් පුරා කෝවිලෙහි පරිපාලන කටයුතු භාරව කටයුතු කරන ලද්දේ රගුනාථ මාපාන මුදලියර්ගෙන් පැවත එන්නන් විසිනි. අද වන විට තවත් බොහෝ අය කෝවිලෙහි වර්තමාන තත්වය දක්වා ගෙන ඒමට කටයුතු කර ඇත. 
නල්ලූර් කෝවිලේ ඉතිහාසයේ 'ස්වර්ණමය යුගය' ආරම්භ වන්නේ 1890 දී 7 වැනි භාරකාරයා ලෙස නල්ලුර් කෝවිල් පරිපාලනය ආරුමුග මාපාන මුදලියර් විසින් අතට ගත්පසුය. ඔහු විසින් පළමු බෙල් කුළුණ 1899 දී  ඉදි කරන ලදි. පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත. 1964 වර්ෂයෙන් පසු, වර්තමානයේ 10 වන භාරකරු වන කුමාරදාස් මාපාන මුදලියර් විසින් කෝවිලේ වැඩි දියුණු කිරීම් කර ඇත. මුළුමනින් ම පාහේ කෝවිල් සංකීර්ණය නැවත ගොඩ නගමින් එය රට තුළ විශාලතම හින්දු කෝවිල් සංකීර්ණය බවට පත්කර ඇත. වාර්ෂික චාරිත්‍රයක් වන ' තිරුප්පනි ' ඔහු විසින් හඳුන්වා දෙන ලදි. අද වන විට කෝවිලේ ඇති ගෝපුරම් හතර, බෙල් කුලුණු හය, සහ එහි ඇති බලකොටු බිත්ති  නල්ලුර් සඳහා බලකොටුවක පෙනුමක් ලබා දී ඇත.
මෙම කෝවිලේ ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට මුහුනලා ඇත. එහි ඇති කැටයම් ද්විඩ ගෘහ නිර්මාණ ශිල්පය අනුව කර ඇත. මෙම කෝවිලේ දක්ෂිණ ප්‍රදේශයේ ශුද්ධ වු පොකුණ හා තන්දයුධපානි සිද්ධස්ථානයක් දැක ගත හැකි ය. උතුරු පැත්තේ 'පුන්තෝට්ටම් ' ශුද්ධ උයන දැකගත හැකිය.
සමාජීය වැදගත්කම
මෙය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙහි දෙමළ හින්දු ජනතාවගේ අනන්‍යතාවය සදහා සමාජයීය වශයෙන් වැදගත් වූ කෝවිලකි. ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ බොහෝ කෝවිල් ඉදිකර ඇත. එම කෝවිල් සදහාද ශ්‍රී ලංකාවේ භාවිතා වන නම්  යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සිහිවීම සදහාය. කෝවිලේ පරිපාලනය සහ දැඩි විනයගරුක බව නිසා මෙම කෝවිල බැතිමතුන්ගේ ගෞරවාදරයට සහ සම්මානයට පත්ව ඇත. 
නව මහා රාජා ගෝපුර
2011 අගෝස්තු මස 21 වන දින 'ශන්මුහ රාජා ගෝපුර' නමින්  මහල් නවයකින් යුත් රාජා ගෝපුර, 'ස්වර්ණ වාසල්' නම් ඇතුල්වීම් දොරටුවක් සහිතව දේශීය වේලාවෙන් පෙ.ව. 7:00 ට විවෘත කරන ලදී.
කෝවිල් පරිශ්‍රය සඳහා උතුරින් ඇතුලුවීම සදහා නව දොරටුවක් ලෙස තවත් නව රාජා ගෝපුරක් දේශීය වේලාවෙන් පෙ.ව. 7:00 2015 සැප්තැම්බර් 4 වන දින විවෘත කරන ලදී. එය ගුබෙරා රාජා ගෝපුර '  ඇතුල්වීම් දොරටුව ' කුබෙරා වාසල් ' ලෙසද හැඳින්වේ. මෙම උතුරු ගෝපුර අද වන විට දිවයින තුළ ඇති විශාලතම ගෝපුර ලෙස වාර්තා වී ඇත.ධනය සඳහා දෙවියන් වන 'ගුබෙරන්' උතුරු දිශාව ආරක්ෂා කරයි. මෙම ගෝපුර නිසා යාපනය අර්ධද්වීපයේ ජනතාවට ධනය වැඩි වශයෙන් ලැබෙනු ඇතැයි දේශීය ජනතාව අතර විශ්වාසයක් ඇත.
උත්සව
මෙම කෝවිලෙහි වසරකට වරක් පැවැත්වෙන උත්සව ආරම්භ වන්නේ "කොඩියේට්‍රම් " උත්සවයත් සමගය. සියවස් ගණනාවක පටන් මෙයට අවශ්‍ය රෙදි පිළි "සෙන්ගුන්තර්" රාජ වංශයට අයත් කුඩා මංගල රථයකින් උත්සවාකාරයෙන් කෝවිල වෙත ගෙනඑනු ලබයි.
මෙම උත්සවය විවිධ යාග හා පූජා වලින් සමන්විතව දින 25  කලායක් පුරා පවැත්වේ. තිරුවිලා තේරු උත්සවය වඩාත් ජනප්‍රිය වුත් ඉතා වර්ණවත් වුත් උත්සවයක් වන අතර එය පෙ.ව. 6.15 ආරම්භ වේ. මෙහිදි අලංකාරවත්  ලෙස සරසා ඇති ශන්මුහර් දෙවියන්ව රිදියෙන් කරන ලද සිම්මාසනම් නම් ආසනයක් මත තබා රැගෙන යනු ලැබේ. 
ශන්මුහර් දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් රථය කෝවිල වටා ඇති වීදි දිගේ ගමන් කරයි. මෙම රථය කඹ යොදා ගනිමින් අදිනු ලබන්නේ දුප්පත් පොහොසත් බැතිමතුන් දහස් ගණනක් විසිනි. මෙය බැතිමතුන් මුරුගන් දෙවියන් කෙරෙහි වු ගෞරවය පෙන්වීම සඳහා වු කදිම අවස්ථාවකි.  

 බුදු රදුන්ට පිදුව මිණිපළඟ පිහිටි නාගදීපය




බුදුබව ලබා පස්‌වන අවුරුද්දෙහි බක්‌ මස අමාවක පොහොය දිනයෙහි බුදුරජාණන් වහන්සේ ලක්‌දිව නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකාගමනය යි. අතීතයෙහි නාග නමින් හැඳින්වුණ ජන කොටසක්‌ ලක්‌දිව ජීවත් වූහ. වඩුන්නාගල (කල්පිටිය), මණිනාග දීපය සහ කැලණිය යන ප්‍රදේශවල ඔවුන්ගේ ප්‍රධාන වාසභූමි පිහිටා තිබිණි. මණිනාගදීපයේ මහෝදර නා රජුගේ දියණිය සරණ පාවා දුන්නේ ඔහුගේ නැඟනියගේ පුත් වඩුන්නාගල සිටි චූලෝදර නා රජුට ය. ඔහුට දෑවැද්ද වශයෙන් ලැබුණේ වටිනා මිණිපළඟක්‌ හෙවත් මැණික්‌ පුටුවකි. නාග කුමරිය හදිසියේ මියගිය නිසා මහෝදර නාරජු සිය බෑණාගෙන් මිණිපළඟ ඉල්ලුවේය. එහෙත් චූලෝදර නා රජු එය ආපසු දෙන්නට අකමැති විය. ඒ හේතුවෙන් යුද්ධයක්‌ ඇතිවන තත්ත්වයට කරුණු යෙදුණි. මහෝදරගේ මාමා වූ කැලණිය පාලනය කළ මණිඅක්‌ත නාරජුගේ සහයෝගය ද ඔහුට ලැබිණි. බුදුරජාණන්වහන්සේ නාගදීපයට වැඩම කළේ මිණිපළඟ මුල්කරගෙන නාග ගෝත්‍රිකයන් අතර යුද්ධයක්‌ ඇති වූවොත් සිදුවන විනාශයවැළැක්‌වීමටයි.

දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකෙහි සිටි සමිද්ධි සුමන දෙවියා පෙර භවයක මණිනාගදීපයේ විසූ කෙනෙකි. ඔහු යළිත් එම ප්‍රදේශයෙහි වාසය කරවුවොත්, ඔහුටත්, නාගයන්ටත් යහපතක්‌ සිදුවන බව බුදුරදුන්ට පෙනුණි. ඒ නිසා කිරිපලු රුකත්
රැගෙන මණිනාග දීපයට යැමට එන ලෙස බුදුරජාණන් වහන්සේ දේවතාවට දැනුම් දුන්හ. සටන් පැවැති පෙදෙසට වැඩම කළ උන් වහන්සේ අහසෙහි වැඩ හිඳ බුදුරැස්‌ විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසූහ. එයින් සතුටට පත් නාගයෝ සමගි වී ගැටුමට මුල් වුණ මිණිපළඟ බුදුරජුන්ට පිදූහ. උන්වහන්සේ වැඩ සිටි නිසා පාරිභෝගික වස්‌තුවක්‌ බවට පත්වුණ මිණිපළඟ තැන්පත් කොට ඔවුහු නාගදීප දාගැබ තැනූහ. එය ප්‍රසිද්ධියට පත්වුණේ රාජායතන චෛත්‍යය නමිනි. ඒ අසල රෝපණය කෙරුණ කිරිපලු රුක සමිද්ධි සුමන දෙවියාගේ වාසස්‌ථානය බවට පත්වුණි. දේවානම් පියතිස්‌ස, මහල්ලක නාග, වෝහාරතිස්‌ස, දෙවන අග්බෝ ආදී රජවරුන් එම දාගැබ වරින් වර පිළිසකර කර වූ බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.

මණිනාගදීපයේ දී බුදුරදුන්ට පිදූ මිණිපළඟ කැලණි දාගැබෙහි තැන්පත් කොට ඇතැයි ඇතැමුන් කියන්නේ කරුණු වරදවා තේරුම් ගැනීම හේතුවෙනි. මණිපල්ලංක (මිණිපළඟ) සහ මණිමණ්‌ඩප (මැණික්‌ මණ්‌ඩපය) යන වචන දෙක පැහැදිලි කරගත් විට මෙම ගැටලුව නිරවුල් වෙයි. මණිපල්ලවම් නමැති දෙමළ පොතේ සඳහන් වන පරිදි මිණිපළඟ යනු මැණික්‌ ඔබ්බවා තැනූ අඩි තුනහමාරක්‌ උසැති, අඩි නවයක්‌ දිගැති ආසනයකි. එය කවිච්චියකට සමාන බව පෙනේ. දීපවංසයේ සඳහන් වන හැටියට මිණිපළඟ වයිරෝඩි ඔබ්බවා තැනූවකි.

බුදුරදුන් ලක්‌දිවට තෙවන වර වැඩම කළේ මණිඅක්‌ත නාරජුගේ ඇරයුම පරිදිය. උන්වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම සඳහා කැලණියේ පනවා තිබුනේ මැණික්‌වලින් සරසා සෙවිලි කළ මණ්‌ඩපයකි. එය බුදුරදුන්ට සහ පන්සියයක්‌ මහරහතුන්ට වැඩ සිටින්නට හැකි තරමේ විශාල වේදිකාවකි. විස්‌තර කර ඇති අන්දමට එය අලංකාර පිරිත් මණ්‌ඩපයක්‌ වැනිය. කැලණි දාගැබ ඉදිකළේ එම මණ්‌ඩපය තිබූ ස්‌ථානයේ ය. මේ අනුව නාගදීප දාගැබේ මිනි පළඟ තැන්පත් කෙරුණි. බුදුරදුන්ට වැඩසිටින්නට මණිමණ්‌ඩපය ඉදිකළ බිමේ කැලණි දාගැබ ඉදිකෙරුණි.

නාගදීප දාගැබ වඳින ගාථාවේ සඳහන් වන්නේ මාමා සහ බෑණා විසින් දෙන ලද මණිපල්ලංකයෙහි වැඩ හිඳ බුදුරදුන් දහම් දෙසූ බවයි. එය දෑතින් එසවිය හැකි වස්‌තුවක්‌ බව සිතියහැක.


භගිනි සුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යහිං නිසින්නෝ
මුනි ධම්ම මදේසයි මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං

මණිඅක්‌ත නාරජු තැන වූ මිණිමඩුවේ බුදුරදුන් වැඩහුන් බවත්, මත දාගැබ තැනූ බවත් කැලණි දාගැබට වඳින ගාථාවේ සඳහන් වෙයි.

ආයාචනාය මණි අක්‌මහෝරගස්‌ස
යස්‌මිං නිසීදි භගවා මණිමණ්‌ඩපස්‌මිං
තස්‌සෝපතිට්‌ඨිත මූපට්‌ඨිත විතරාගං
කළ්‍යාණි චේතිය මහං සිරසා නමාමි

මණි අක්‌ නයිඳු කළ - මිණිමඩුව තුළ වැඩ හිඳ
මුනිදා දිව බොජුන් වැළ» සැනෙහි නඳ
මුනිදා පිහිටුවා කළ දාගැබට වැඳ (හංස සංදේශය)

බෞද්ධ සාහිත්‍යයේ දැක්‌වෙන අන්දමට නාගදීප රාජායතන චෛත්‍යය යනු ශාසන ඉතිහාසයේ අවසානය දක්‌වා ම පවතින ඉතා වැදගත් පූජනීය ස්‌ථානයකි. සම්බුද්ධ ශාසනය අතුරුදන් වන විට විවිධ වෙහෙර විහාරවල තිබෙන සර්වඥ ධාතු නාගදීප චෛත්‍ය ස්‌ථානයට එක්‌රැස්‌වෙයි. එතැනින් දඹදිව සිරිමහ බෝමැඬට වැඩම කිරීමෙන් පසු අතුරුදන් වෙයි. එය මිලින්ද ප්‍රශ්නයෙහිදැක්‌වෙන්නේමෙසේය.

"
එකල සත්ත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේ බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල්යැමෙන් හැමතැනම පූජා සත්කාර නොලැබෙයි. එකල බුදුන් ධර්මාන කාලයෙහි ලෝවැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කර වදාළ හැම ධාතුන් වහන්සේ අධිෂ්ඨාන බලයෙන් ලක්‌දිව රුවන්වැලි මහ සෑයට වඩිති. එතැනින් නාග දිවයින රාජායතනය නම් චෛත්‍යයට රැස්‌වෙති. එයින් මහබෝමැඩ කරා වඩිති". (ශාසනායුෂ ප්‍රශ්නය) සාහිත්‍ය ග්‍රන්ථ කීපයකම මේ පුවත දැක්‌වේ. පුදපූජා නොපවත්වන තැන්වලින් සර්වඥ ධාතු වැඩමවීම සිදුවන බවට විශ්වාසයක්‌ දැනටත් බෞද්ධයන් අතර පවතියි.
නාගදීපය යනු අතීතයේ දී යාපන අර්ධද්වීපයම ඇතුළත් විශාල ප්‍රදේශයකි. වෙළෙඳ භාණ්‌ඩ හුවමාරු කළ තොටුපොළ කීපයක්‌ එහි තිබිණි. ප්‍රසිද්ධ වරායක්‌ වූ ඌරාතොට දැන් කයිට්‌ස්‌ දූපතයි. සංඝමිත්තා තෙරණිය වැඩම කළ දඹකොල පටුන ද පැරැණි නාගදීපයට අයත් වූවකි. සිරිමහබෝධිය වැඩමවන විට සමුද්‍ර නාගයන් බාධා කළ නමුත් පසුව ඔවුහු එයට පුද සත්කාර දැක්‌වූහ.

වර්තමානයේ නාගදීපය යනුවෙන් හැඳින්වෙන්නේ නයිනාතිව් යෑයි දෙමළ බසට නම මාරු කර ඇති දිවයිනයි. එලෙස නම් වෙනස්‌ කළ තැන් බොහෝය. කර දිවයින කාරතිව්ය. දාගැබ් රැසක්‌ ඇති බොදු පුදබිමක්‌ වන කදුරුගොඩ කන්දරෝඩෙයි නමි. දුටුගැමුණු රජදවස මහරහතුන් වැඩහුන් පුවඟු දිවයින පුංකුඩුතිව් ය. දෙමළ නාමකරණය නිසා බෞද්ධ උරුමය අහිමි වී ඇත. 1936 දී විෂ්ණු දේවාලය අසලින් ලැබුණ වල්ලිපුරම් රන් සන්නසින් පැහැදිලි වන්නේ රාජ්‍ය වර්ෂ 126 - 127 වසභ රජ සමයේ දි ඉසිගිරි නම් ඇමැතිවරයකු නාගදීපය පාලනය කළ බවයි. ලක්‌දිව ඒකීය රාජ්‍යයක්‌ පැවැති බවට එය සාධකයකි. යාපනය යන නාමය ද භාවිතයට පැමිණ සියවස්‌ පහකට වැඩ නොවේ. යාපා යනු පදවි නාමයකි. එහෙත් යාල්පානම් යනු වීනා කාරයාගේ දේශය බව කියන ප්‍රවාදයක්‌ ගොඩනඟාගෙන තිබේ. පොළොන්නරු යුගයේ දී කෙටි කාල සීමාවකට විදේශීය ආක්‍රමණිකයන්ගේ පාලනයට යටත්ව පැවැති යාපා පටුන සවෙනි පැරකුම්බා රජ සමයේ සපුමල් කුමරු (රාජ්‍ය වර්ෂ 1450 - 1467) විසින් කෝට්‌ටේ පාලනයට යටත් කරගන්නා ලදී. නල්ලුර් කෝවිල පිළිසකර කළේ ඔහු විසිනි. කෝවිලේ පූජා පවත්වන යාතිකාවල සංඝබෝධි භුවනෙකබාහු යනුවෙන් ඔහුගේ නම කියෑවෙයි.

බුදුරදුන් වැඩම කළ ස්‌ථානය වර්තමාන නාගදීපයට අයත් වන බවට නම් සැකයක්‌ නොමැත. පෘතුගිසීන් දාගැබ් බුදුපිළිම ආදිය වනසා වටිනා දේවල් කොල්ල කෑ බවට වාර්තා තිබේ. පුත්තර් කෝවිල්, බුද්ධ වලව්, පුත්තර් පල්ලම්, පුත්තර් තීඩල් යනාදී නම්වලින් හැඳින්වෙන්නෙ බුදුරදුන්ට සම්බන්ධ ස්‌ථානයන්ය. පුත්තර් තෝට්‌ටම් (බුදුන්ගේ වත්ත) නමින් හැඳින්වෙන ඉඩම මෑතක්‌ වනතුරු අයිති කරගෙන සිටියේ දෙමළ කරණවෑමියෙකි. පූජ්‍ය බ්‍රාහ්මණාවත්තේ ධම්මකිත්ති තිස්‌ස නාහිමියන් එම භූමිය මිලදී ගෙන විහාරයක්‌ ඉදිකරද්දී පොළොවෙන් නටබුන් රැසක්‌ මතු වී ඇත. 1985 දී ත්‍රස්‌තවාදීහු එම විහාරය පුපුරුවා හැරියහ. හානි වුණ සෙල් බුදුපිළිමයක්‌ එහි තිබේ.

දැනට දක්‌නට තිබෙන නාගදීප දාගැබ සහ පන්සල 1939 වසරේ දී රන්දොඹේ සෝමසිරි නාහිමියන් විසින් ඉදිකරන ලද්දකි. දාගැබ අභියස අලංකාර බුදුකුටියක්‌ සහිත මල්ඝරය
1958
වසරේ දී නාගදීප දාගැබට ඩයිනමයිට්‌ දමා පුපුරුවා කොත්කැරැල්ල බිම හෙළන ලදී. පන්සලේ ගොඩනැගිලිවලට ගිනි තබා ඇත. දෙමළ අන්තවාදියෝ 2500 බුද්ධ ජයන්තිය සඳහා බුරුම රටෙන් තෑගි කළ බුදුපිළිමයේ සිරස හා අත් කඩා මුහුදට දැමූහ. මෙම සිද්ධිය දකුණේ සිංහලයන්ට දැන ගැනීමට රජය ඉඩ හැරියේ නැත. ගමනාගමන අමාත්‍ය මෛත්‍රිපාල සේනානායක මහතා රහසිගතව නාගදීපයට ගොස්‌ විහාරස්‌ථානය පරීක්‍ෂා කළේය. රටේ කලබල ඇතිවන නිසා එම විනාශය හෙළි නොකරන්නැයි පොරොන්දු කරවාගෙන නාගදීප විහාරාධිපති හිමි කොළඹට වැඩම කරවීය. සිරස සිඳින ලද බුදුපිළිමය මුහුදු පතුලේ තිබී නාවික හමුදාව විසින් සොයා ගැනුණි. එය පිළිසකර කිරීම අපහසු විය. සති අටක්‌ ඇතුළත විහාරස්‌ථානය නැවත ඉදිකෙරුණි. බුරුම රටින් වෙනත් බුදුපිළිමයක්‌ තෑගි ලැබිණි.

නාග විහාරය රැකගෙන වැඩ සිටින පූජ්‍ය පදුමකිත්ති තිස්‌ස හිමියනට ත්‍රස්‌තවාදය උත්සන්නව පැවැති සමයේ ආරක්‍ෂාව හා දානය පිරිනමමින් කටයුතු කළ නාවික හමුදා නිලධාරීන්ට බෞද්ධ ජනතාවගේ කෘතඥතාව හිමිවෙයි.

ජය ශ්‍රී මහාබෝධි ශාඛාව වැඩම වූ ලක්දිව දඹකොලපටුන






ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව දඹදිව බුද්ධගයාවේ සිට ලංකාවට වැඩම කළේ නැව් මඟින්ය. එකල මෙහි රජ කළේ දේවානම්පියතිස්ස මහ රජතුමාය. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කර මාස හතරකට පමණ පසුව සිදු වූ මේ පූජනීය සිදුවීම ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන දුමින්දාගමනය ලෙසින් සැලකේ.
මෙම සිදුවීමට පෙර දේවානම්පියතිස්ස රජතුමා විසින් සිය ඇමැතිවරයා වූ අරිට්ඨ කුමරු දඹදිව මහා අධිරාජයා වූ අසෝක රජු (ක්‍රි.පූ. 272-232) වෙත දූත මෙහෙවරෙහි යොදවන ලද්දේය. අරිට්ඨ කුමරු දඹදිවට යෑම සඳහා නැව් නැංගේද මෙම දඹකොල පටුනෙන් බව මහාවංසයේ සඳහන් වන කරුණකි. එම දූත මෙහෙවරෙන් පසුව අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස අසෝක මහ අධිරාජයා හමුවීමෙන් පසුව යළි ආපසු පැමිණියේද ගංගානම් ගඟෙ තාමලිත්ති(නටලුක්) වාරයෙන් නැව් නැඟ ලංකාවට ගොඩබැස්සේද දඹකොල පටුනෙනි.
සංඝමිත්තා මෙහෙණිය වර ප්‍රමුඛ මෙහෙණින් වහන්සේලා දඹදිව බුද්ධගායවේ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ලංකාවට ගොඩබැස්සේද දඹකොල පටුනෙන් බව මහාවංසයේ සඳහන් කරුණකි.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මෙහෙණිය ප්‍රමුඛ මෙහෙණින් වහන්සේලා වැඩම කරවන නැව් දඹකොලපටුනට සේන්දු වන බව දැනගත් දේවානම්පියතිස්ස රජතුමා සහ අමාත්‍ය පිරිස පමණක් නොව මිහිඳු මහ රහතන් වහන්සේද දඹකොලපටුනට පැමිණ සිට බව හා මග සැරසූ අයුරු මහා වංසයේ සඳහන්වේ.
දේවානම්පියතිස්ස රජතුමා විසින් දඹකොලපටුන වරායේ කරවටක් මුහුදට බැස ජය ශ්‍රී මහාබෝධි ශාඛාව සහිත පාත්‍රය හිසින් දරාගෙන ගොඩබිමට පැමිණීමට නැව අසලට ගොස් සිටින අන්දම කැලණි විහාරයේ බිතුසිතුවමක් චිත්‍රයට නඟන ලද්දේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සොයිලියෙස් මැන්දිස් කලාකරුවා විසිනි.මෙම පුදබිම සෙම්බිල්තුරේ නමින් මෙකල හැඳින්වේ.
දෙවනපෑතිස් රජු විසින් ජම්බුකෝල පට්ටනයෙන් (දඹකොලපටුනෙහි) ශ්‍රී මහා බෝධින් වහන්සේ ගොඩබට පුදබිමෙහි ජම්බුකේල නමින් විහාරයක්ද කරවන ලදී. එහෙත් එදා සාදවන ලද ජම්බුකෝල විහාරය අද දක්නට නැතත් ජම්බුකෝල විහාරයට අයත් වූ විහාරය වාලුක විහාරය ලෙස සැලකේ. ජම්බුකෝල විහාරය පොළොන්නරුවේ රජ වු මහ විජයබාහු (ක්‍රි.ව. 1055-1110) රජ විසින් ප්‍රතිසංස්කරණය කළ බව මහා වංසයේ දෙවැනි කොටසේ සඳහන් වේ.
ජය ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ මීට වසර 2323 ට ඉහත දී රෝපණය කළ අවස්ථාවේදී අෂ්ඨ ඵලරුහවලින් එකක් (පැල අටකින්) දඹකොලපටුනේද රෝපණය කළ බව මහාවංසය සිංහල බෝධිවංසය සහ චූලබෝධිවංසය යන අපේ පුරාණ ග්‍රන්ථවල සඳහන් වී ඇත.
ඉහත සඳහන් කරුණුවලින් දඹකොලපටුන පූජනීය වූ ස්ථානයක් පමණක් නොව ඊට ඉහත දී මෙන්ම ඉන් පසුවද පුරාණ නැව්තොටක් (වරායක්) ලෙසින් පැවතුණු බවට මෙසේ ඓතිහාසික සාක්ෂි හමුවී තිබීමෙන් ඉතා පුරාණ නාවික ගමනාගමනවලදී මෙම පුරාණ වරාය ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනේ. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් මෙම දඹකොල පටුනේද ඒ කාලයේ රෝපණය කළා පමණක් නොව ඉන් පසු කාලයේ බොහෝ රජවරුන්ද මෙම දඹකොල පටුන විහාරය සංරක්ෂණ කටයුතු සිදුකර ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. ) විසින් මෙහි අෂ්ට ඵලරූහ වලින් එකක් රෝපණය කළා පමණක් නොව ඒ අසල විහාරයක් සාදවා එය තිස්ස විහාරය නමින් නම් කර ඇත. කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 164-194) එහි වටදා ගෙයක්ද, වෝහාරිකතිස්ස රජු (ක්‍රි.ව. 214-236) විසින් වටදාගෙයක් කරවු බවද මහා වංසයෙහි සඳහන් වී ඇත. ධාතුසේන රජු (ක්‍රි.ව. 477-495) විසින් ථූප ථූපවිට්ටි සහ ධාතුසේන යන නම් වලින් මෙන් දඹකොලපටුන අසල විහාර දෙකක් සාදවන ලද බවද, සඳහන් වේ. මේ නිසා තිස් අවුරුදු මහා යුද්ධයෙන් පසුව මෙම පුදබිම ආශි‍්‍රත වරාය පමණක් නොව මේ අසල භූමියේද ගවේෂණයට හා ඉන්පසු පුරාවිද්‍යා කැණීමකට භාජනය කළ යුතුව ඇති බව අදාළ ආයතනවල වගකීමක් බව සිහිපත් කළ යුතුව ඇත.
බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහබෝධින් වහන්සේගේ උද්භිද නාමය (ජ්ඪජභඵ අඥතඪඨඪධඵච) පිකුස් රෙලිජෝසා නම්වේ. අද එම පුද බිමේ ඇත්තේ බුදුරජාණන් වහන්සේට සෙවණදුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නොවේ. එය අසෝක රාජ යුගයේදී විනාශ වූ බව මහාවංසය සඳහන් කරයි. එසේ විනාශ කිරිමට පෙර අප රටට එහි දක්ෂිණ ශාඛාව වැඩම කළ බවද ඉතා වැදගත්ය. ලෝකයේ පූජනීය වෘක්ෂයන් අතර අසුවල් දිනයේ අසුවල් අය ඉදිරිපිට අසුවල් ස්ථානයේ රෝපණය කරන ලදැයි ඓතිහාසික සාක්ෂි සහිත වු පූජනීය වෘක්ෂරාජයාණන් වැඩසිටින්නේ අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමළුවේ බව විදේශික සංචාරකයින් පවා ඉතා හොඳින් දන්නා කරුණකි.
එදා දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධි ශාඛාව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි ශාඛාවෙන් වෙන් කරගන්නා ආකාරය නිරූපණ කෙරෙන අර්ධ මූර්ති කැටයමක් සාංචි ස්තූපයේ තොරණක නිරූපණය කර ඇති බවද ඉතා ප්‍රකටය.
දඹකොලපටුනේ වරායේ මුහුදට බැස ජය ශ්‍රී මහා බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු පිළිගන්නා සේම අසෝක රජ තුමාද ජය ශී‍්‍ර මහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරවීම සඳහා නැවෙහි තැම්පත් කිරීමට තාමලිත්ති නැව් තොටට පැමිණ මහමුහුදට බැස්සා වු ආකාරය මහාවංසයේ මෙසේ සඳහන් වේ.

කදුරුගොඩ විහාරය


යුද්ධය නිසා ජාතියට අහිමි කෙරුණු බෞද්ධ උරුමයන් අපමණය. ඓතිහාසික බෞද්ධ වෙහෙර විහාර සිය ගණනක උරුමයක්‌ අවුරුදු දහස්‌ ගණනක සිට සුරැකුණු උතුරු අර්ධද්වීපයේ අද වන විට ඉතිරි වී ඇත්තේ ඉන් අතළොස්‌සක්‌ම පමණි. අනිකුත් සියල්ල යුද්ධය අතරතුර විනාශ කොට ඇත. එවැනි පසුබිමක ජාතියේත් ආගමේත් පිනටම යාපනයේ පිහිටි කදුරුගොඩ විහාරස්‌ථානය ආරක්‍ෂා වී තිබේ.
සාමයේ ආශ්වාදය උතුරත් දකුණත් එක ලෙස විඳිති. ඒ නිසා උතුරට යන දහස්‌ සංඛ්‍යාත බොදු බැතිමත්හු මෙම පුණ්‍ය භූමියටද පැමිණෙති. වෙහෙර විහාර සිය ගණනක්‌ පිහිටි දකුණු ප්‍රදේශවල සිට උතුරට ගිය පසු මෙවැනි පුදබිමක්‌ නෙත ගැටීම පවා ගෙන දෙන්නේ අප්‍රමාණ සුවයකි.
උතුර සංචාරය කරන බෞද්ධ ජනතාවට නාගදීපය හැරුණු කොට දැක බලා වන්දනා මාන කළ හැකි සෙසු ප්‍රධානම පුදබිම වන්නේ කදුරුගොඩ පුරාණ විහාරය සහ දඹකොළපටුනයි. යාපනය කන්කසන්තුරේ මාර්ගය ඔස්‌සේ දඹුකොළපටුන වෙත ගමන් කරනා අතර මඟදී කදුරුගොඩ විහාරස්‌ථානයට ද යැමට පුළුවනි. යාපනයේ සිට කන්කසන්තුරේ මාර්ගයේ කි.මී. දහයක්‌ පමණ ගමන් කරනා විට චුන්නාකම් හන්දිය හමුවෙයි. වෙළෙඳසල් රැසක්‌ ඇති චුන්නාකම් හන්දිය ජනාකීර්ණ බවක්‌ පෙන්නුම් කරයි. චුන්නාකම් හන්දියෙන් වමට හැරී කදුරුගොඩ පුදබිමට ගමන් කළ යුතුය. කන්දරෝඩෙයි පුරා විද්‍යා වැඩ බිමට යන මාර්ගයලෙස චුන්නාකම් හන්දියේ සිංහලෙන් ලියූ නාමපුවරුවක්‌ ඇත. කදුරුගොඩ එම ප්‍රදේශයේ ජනතාවට කන්දරෝඩෙයිලෙස හඳුන්වති. චුන්නාකම් ලෙස නම්කොට ඇත්තේ පුරාණ හුණුගමබවද ඇසීමු.
චුන්නාකම් හන්දියෙන් වමට හැරී කි.මී. දෙකක්‌ පමණ ගමන් කරන විට කන්දරෝඩෙයි විහාරය හෙවත් කදුරුගොඩ විහාරය නෙත ගැටෙයි. කතරගමදී අහම්බෙන් හමුවන ක්‍ෂේම භූමියකට දෙපා නැගුවා සේ එහිදී බැතිමතුන්ගේ සිතට දැනෙයි. කදුරුගොඩ පුරාණ විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්‌වාම දිව යයි. දේවානම්පියතිස්‌ස (ක්‍රි.පූ. 250 – 210) රජතුමා දඹකොළපටුනේ සිට තැනින් තැන ගල්කණු සිටුවූ බව මහාවංශය සඳහන් කරයි. එම සඳහනෙහි කදුරුගොඩ විහාරයද වෙයි. කාලයාගේ ඇවෑමෙන්
අප්‍රකට වුණු කදුරුගොඩ පුරාණ විහාරස්‌ථානය යළි ජාතියට දායාද කරන ලද්දේ 1917 වසරේදීය. එවකට යාපනය දිසා විනිසුරු වූ ආචාර්ය පෝල් ඊ. පීරිස්‌ සූරීහු මෙම පුදබිම සොයාගත්හ. කදුරුගොඩ විහාරය අවුරුදු දෙකක්‌ තිස්‌සේම (1917 – 1919) කැණීම් සිදුකෙරිණි. එහිදී මෙම මාහැඟි බොදු උරුමය යළි මතුවිය. කදුරුගොඩ පුරාණ විහාරය වැනි විහාරයක්‌ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයක දක්‌නට නොලැබේ. ඒ නිසා මෙය දුර්ලභ බොදු පුදබිමක්‌ ලෙසද සුවිශේෂී වැදගත්කමක්‌ ඇත.
කුඩා කුඩා චෛත්‍ය රැසක්‌ පිහිටා තිබීම කදුරුගොඩ විහාරස්‌ථානයේ ඇති සුවිශේෂී බවයි. එවැනි දාගැබ් 22 ක්‌ පමණ මේ වනවිට ආරක්‍ෂා වී තිබේ. තවත් කිහිපයක පාදම පමණක්‌ මතුවී ඇත්තේ ඒවා විනාශ කොට ඇති බැවිනි. එමෙන්ම කැණීම් කොට මතු කර ගත හැකි තවත් ස්‌ථූප රැසක්‌ද එම භූමියෙහි ඇති බවද සොයාගෙන තිබේ. කදුරුගොඩ විහාරස්‌ථානයේ දාගැබ්වල නිධන් කොට ඇත්තේ බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා නොවේ. මහ රහතන් වහන්සේගේ ධාතුන්වහන්සේය. එම මහ රහතන් වහන්සේ උතුරු අර්ධද්වීපයේ පුවන්ගු දිවයිනහෙවත් පුන්කුඩුතිව් දූපතේ වැඩ සිට තිබේ. එහි වැඩසිටි මෙම රහතන් වහන්සේ සැට නම පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ධාතු තැන්පත් කොට ඇති බව කියෑවේ.
කදුරුගොඩ විහාරස්‌ථානයේ ඇති මෙම දාගැබ් අඩි දහයක දොළහක පමණ විෂ්කම්භයකින් යුතුය. එමෙන්ම එවැනිම උසකින් යුතුය. එහෙත් ඊට කුඩා දාගැබ්ද මෙහි ශේෂවී තිබේ. දාගැබ් ඉදිකිරීම සඳහා ගඩොල් ලෙස හුණුගල් භාවිත කිරීමද සෙසු ප්‍රදේශවල දක්‌නට නොමැති වූවක්‌ වෙයි. හුණුගල් බහුලව පැවැති නිසා මෙලෙස හුණුගල් භාවිත කළා විය හැකිය. දාගැබ මතුපිටට අල්ලා ඇති ගඩොල් අඟල් 4x6 තරම් වෙයි. ඒවා සියල්ලෙහි කුඩා කුඩා වළවල් සකසා ඇත. එම හුණු ගඩොල් දිගු කාලයක්‌ ආරක්‍ෂාවීමට එසේ නිමවා ඇති බව විශ්වාස කෙරේ.
කදුරුගොඩ විහාරස්‌ථානයේ බෞද්ධ විහාරයක ඇති ලක්‍ෂණ අතර වටදාගෙය සහිත තරමක්‌ විශාල චෛත්‍යයක්‌ද ඉදිකොට ඇත. එහෙත් ඒවායෙහි පාදම පමණක්‌ අද දැක ගත හැක්‌කේ ඒවා විනාශ කිරීම හේතුවෙනි. එහි කොත පමණක්‌ ශේෂව තිබේ. එය හුණුගලින්ම සකස්‌කොට තිබීමද අනිකුත් දාගැබ්වල නොමැති ලක්‍ෂණයකි. කදුරුගොඩ විහාරස්‌ථානයේ රජවාසලක නටඹුන් ද වෙයි. එහි කුඩා මාළිගය ඉදිකොට තිබූ බවට සාධක ඇත. එමෙන්ම ඔලිඳ කෙළින ලද වළවල් හෑරූ ගලක්‌ද එහි දී දක්‌නට ඇත. රජු හා බිසවුන් ප්‍රමුඛ රජ මාළිගයක්‌ එහි තිබූ බවට එමඟින් සිතීමටද හැකිය.
ආචාර්ය පොල් ඊ. පීරිස්‌ සූරීන් විසින් සිදුකරන ලද කැණීම්වලදී මෙම පුදබිමෙහි තිබී බුදුපිළිම, වර්ණාලේප උළු කැබලි, අනුරපුර හා පොළොන්නරු යුගයට අයත් කාසිද හමුවී ඇත. ශ්‍රී ලංකාවේ රජ කළ පළමු පැරකුම්බා, නිශ්ශංකමල්ල. ලීලාවතී, බුවනෙකබාහු ආදී රජවරුද මෙම විහාරයට අනුග්‍රහකොට ඇති බව විශ්වාස කෙරේ. එමෙන්ම හතර වැනි කාශ්‍යප (ක්‍රි.ව. 898 – 914) රජු විසින් කරන ලද අන්තාණි කරඬු ලිපියෙහිද මෙම විහාරස්‌ථානය පිළිබඳ දක්‌වා තිබේ. එවැනි ඉතිහාසයක තොරතුරු අනුව කදුරුගොඩ විහාරය සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේම ජනප්‍රියව පැවැති බව තහවුරු වෙයි. දෙවැනි සංගිලි රජු යාපනයේ පාලකයාව සිටියදී මෙම විහාරය විනාශ කොට ඇත. පෘතුගීසීන් සමග සංගිලි (1617 – 1619) සටන් වැදිණි. එහිදී සංගිලි පරාද විය. එතැන් සිටම කදුරුගොඩ විහාරය පිළිබඳ සියවස්‌ තුනක්‌ ගතවන තුරු ද කිසිවකුගේත් අවධානයට ලක්‌නොවිණි. කදුරුගොඩ පෘතුගීසීන් විසින් හඳුන්වා ඇත්තේ කන්දරකුඩිඩෙයි ලෙසින්ය.
බෞද්ධ පුරා විද්‍යාත්මක උරුමයක්‌ වූ කදුරුගොඩ විහාරය පිහිටි භූමිය 1948 දී ආණ්‌ඩුව විසින් මුදලට ගෙන ඇත. පුද්ගලික උරුමයක්‌ බවට මෙම පුදබිම පත්වී තිබූ නිසා එලෙස මිලදී ගැනීමට ආණ්‌ඩුවට සිදුවිය. අක්‌කර 7 ක පමණ භූමියක්‌ ලෙස මිලට ගත්තද යුද තත්ත්වය නිසා දැන් ඊට ඉතිරිවී ඇත්තේ අක්‌කර 3 ක පමණ සීමාවක්‌ පමණි.
පසුගිය යුද සමයත් සමග කොටි ත්‍රස්‌තවාදීන්ගේ තිත්පළක්‌ බවට මෙම පුදබිම පත්විය. පසුව ශ්‍රී ලංකා හමුදාව විසින් යාපනය මුදාගැනීම නිසා මෙම පුදබිමේ උරුමය සුරකින ලද්දේ වීරෝදාර හමුදාව විසින්ය. වැසිකිළි බවට පත් කොට තිබූ එම පුදබිම අද තිබෙන තත්ත්වයට පත්කිරීම පිළිබඳ ජාතියම ඔවුන්ට ණය ගැතිය. මෙම පුදබිමට කොටි විසින් යළි යළිත් ප්‍රහාර සිදුකිරීම නිසා රණවිරුවන් දෙදෙනකුගේම ජීවිත මෙම පුදබිමෙහි පූජා කළහ.

කදුරුගොඩ විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේද හමුදාව විසින්ම රෝපණය කරනු ලැබූවකි. එම බෝධීන් වහන්සේ යළි යාපනයේ බෞදධ උරුමය මෙන් නිල් පාටින් දළු දමා වැඩෙයි. කදුරුගොඩ විහාරස්‌ථානයේ බුදුමැඳුරද, ආවාස ගෙයද ටකරන් යොදා මෑතකදී ඉදිකොට ඇත. 

කසුරිනාවෙරළ 




කසුරිනා වෙරළ යාපනය සිට කි.මී. 20 ක් පමණ දුරින් කරෙඉනගර් හි පිහිටා ඇත. එය යාපනයේ ඇති ලස්සනම වෙරළ තිරය ලෙස සැලකෙන අතර මනරම් නිල් පැහැති ජලයෙන් හා සුදු වැල්ලෙන් යුක්ත වේ. වෙරල සඳහා එම නම ලැබීමට හේතුව එහි දැකිය හැකි කසුරිනා ගස් පෙළයි. කසුරිනා යනු යාපනය අර්ධද්වීපයේ බටහිරින් ඉන්දියාව දෙසට ඇති අවසන් වෙරළයි.

මේ මුහුදු තීරය කොටි කල්ලියට බොහෝ ආදායම් උපයා දුන් තැනෙකි. වෙඩි හඬින්, මෝටාර් හඩින් බියපත් ජනයාගේ හදවතට යම්බඳු සැහැල්ලුවක් ගෙන දුන් සිත නිවන එපෙදෙස සාමාන්‍ය මිනිසුනට යන්ට එන්ට බැරි තැනක් වී තිබිණි. යමක් කමක් ඇති අය පමණක් දහසින් බැඳි පියලි පුදා මේ වෙරළේ මොහොතක් සැනහී සිටියහ.
පවුල් පිටින් පැමිණි දෙමළ වැසියෝ මෙහිදී සිත් සේ කා නා ප්‍රීති වෙති. එහි මුහුද ටික දුරක් යනතුරු නොගැඹුරුය. පතුලත විශාල ගල් හා වළවල් ද නැති තරම්ය. එසේ නාමින් ප්‍රීතිවන වැසියන් රැකගැනීමට එහි පොලිස් ජීවිතාරක්ෂක පුහුණු බළකායක් පිහිටුවා තිබේ.

කඩලිමං


කෙකාවිල් සම්ප්‍රේෂණ කුළුණ

කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ (කොකාවිල් කුළුණ), යනු ශ්‍රී ලංකාවේමුලතිව් පරිපාලන දිස්ත්‍රික්කයේකොකාවිල් හී ඉදිකොට තිබෙන, 174 මී ක් උසැති බහු-කාර්ය සම්ප්‍රේෂණ කුළුණකි. ප්‍රධාන ලෙසම රූපවාහිනී, ගුවන් විදුලි සහ විදුලි සංදේශන සම්ප්‍රේෂණ කටයුතු සඳහා මෙම කුළුණ භාවිතයට ගැනේ.කුළුණ, දැලිස ආකෘතිය අනූව යමින් ඉදි කරන ලද්දක් වේ.
මුල් සම්ප්‍රේෂණ කුළුණ
1982 වසරේදී ජපන් රජයෙන් ලත් ආධාර මත මෙම කුළුණ පවතින ස්ථානයේ සම්ප්‍රේෂණ කුළුණක් මුලින්ම ඉදිකරන ලදී. කුළුණ මගින් වවුනියාවෙන් ඔබ්බට වූ දිවයිනේ උතුරු ප්‍රදේශයට VHF සංඛ්‍යාත පරාසවලින් යුතු රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සිදු කෙරිණි.
ත්‍රස්තවාදීන්ගේ සම්ප්‍රේෂණ කුළුණ
නමුත් 1990 වසර පමණ වන විට කුළුණ සහිත ප්‍රදේශය දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් අත්පත් කර ගත් අතර, ඔවුන් විසින් ඊට පෙරදී කුළුණ විනාශ කොට දමා තිබුණි.[3] පසුව ඔවුන් (දෙමළ කොටි) විසින් එම භූමි පෙදෙසේම තාවකාලිකව අටවාගත් කුඩා කුළුණක් මගින් සිය ගුවන් විදුලි නාලිකාව වූ වොයිස් ඔෆ් ටයිගර්ස්ප්‍රචාරණය හා අනෙකුත් සම්ප්‍රේෂණ කටයුතු සිදුකර ගන්නා ලදී. 2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවඔවුන්ගේ එම තාවකාලික සම්ප්‍රේෂණ කුළුණ හා උපකරණ වෙත බෝම්බ දමා විනාශයට පත් කර දමන ලදී.
නව කුළුණ ගොඩනැගීම
2009 වසරේදී ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 330 ක පමණ මුදලක් වියදම් කොට මුල් කුළුණ ඉදිකොට තිබූ භූමියට ආසන්නයෙන්ම වත්මන් කුළුණ ගොඩනංවන ලදී. වර්ථමානයේදී කුළුණ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය තුල DVB-T2 තාක්ෂණය යටතේ ඩිජිටල් රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය 

චර්ටි බීච්


ඉසින්බැස්ස



උතුරු දෙසට කිලෝමීටර් 02 ක් පමණ දුරින් ප්‍රධාන මාර්ගයට යාබඳව දර්ශනීය ගල්තලාවක් මත පිහිටා ඇති ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. අතීතයේ දී ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ඍෂිවරු මෙම ගල්තලාව මතට බැසීම නිසා එය සෘෂීන් බැස්ස ගල ලෙස හඳුන්වා ඇත. පසුව සෘෂින් බැස්ස ගල ව්‍යවහාරයේ දී ඉසින් බැස්ස ගල බවට පත් වන්නට ඇත.

මේ පින් බිම ආශ්‍රිතව ඇතමකුගේ විශ්වාසය වී ඇත්තේ  අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු හිමිවරුන් මිහින්තලාවට වැඩම කිරීමට ප්‍රථම මෙම ගල්තලාවට වැඩම කර, එහි සිට මිහිඳු මාහිමියන් විසින් දේවානම් පියතිස්ස රජු සමග සිටි 40,000 ක පිරිස මග හරවා රජුට තනිවෙන්නට අධිෂ්ඨාන කර ගෙන ඇත. ඉන් අනතුරුව මිහිඳු හිමියන් ඇතුළු හිමිවරුන් මිහින්තලාවට වැඩම කර දේවානම් පියතිස්ස රජුට ධර්මය දේශානා කොට ඇත. මේ විශ්වාසය මත මෙම ගල්තලාව අධිෂ්ඨාන පර්වතය ලෙසත් හඳුන්වා ඇත. 1990 දශකයේ දී මිහිඳු හිමියන් ඇතුළු හිමිවරුන් ගේ පිළිම මෙම ගල් තලාව මත ඉදි කර ඇත්තේ මෙම විශ්වාසය මත පදනම් ව යයි සිතිය හැක. මෙය හුදෙක් විශ්වාසයක් මත පදනම්වුවක් ද නැතහොත් සථ්‍ය මත පදනම්වුවක් ද යන්න පැහැදිළි නැත. මෙම පින්බිම ආශ්‍රිතව පාරම්පරිකව පැවත එන පවුල් කීපයක සාමාජිකයන් කීප දෙනෙකු මෙම ලියුම්කරු සමග පවසා සිටියේ මිහිඳු මාහිමියන් ඉසින් බැස්සගලට වැඩම කළ බවට පවතින විශ්වාසය ගැන මෙම ඉදිකිරීම් සිදුවන තෙක් තමන් දැන නොසිටි බවයි. මේ නිසා මෙම විශ්වාශය පුරාවෘත්තයක් ලෙස ද සැළකිය නොහැක.

මෙම ගල්තලාවට මතට පැති හතරකින් ඇතුල් වීමට පුළුවන්කම ඇත. මෙම පින් බිම ආශ්‍රිතව කළ කැනීම් වලින් හමු වු පැරණි ගඩොලින් බස්නාහිර දෙසින් ඇතුල්වීමට ඇති පිය ගැට පෙල සකසා ඇත. මෙම ගල්තලාව මත චෛත්‍යක් තිබී ඇති අතර, එම චෛත්‍යට තිබු අත්තිවාරම මත වත්මන් චෛත්‍ය ඉදි කර ඇත. දොලොස් මහේ පහන ආසන්නයේ ඇති ශ්‍රී පාදපද්මය සොයාගෙන ඇත්තේ ආශ්‍රිතව කළ කැණීම් වළිනි. ඊට අමතරව මෙම කැණීම් වල දීම නාග ප්‍රතිමාවක් ද හමු වී තිබේ.

මේ සම්බන්ධවද විශ්වාසයක් පවතී. බුදු රජාණන් වහන්සේ ලක්දිවට පැමිණීමට පෙර, මෙම ස්ථානය නාග ගෝත්‍රිකයන් වැඳුම් පිදුම් කළ ස්ථානයකි.  බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලබා මාස 09 කට පසු ලක්දිවට වැඩම කොට නාග හා යක්ෂ ගෝත්‍රිකයන් හට ධර්මය දේශනා කළ පසු මෙහි වැඳුම් පිදුම් කළ නාග ගෝත්‍රිකයන් නාග ප්‍රතිමා වෙනුවට ශ්‍රී පා පද්මය තෝරා වන්දනාමාන කිරිමට පටන් ගෙන ඇත. ඒ අනුව ගත් කළ මිහිඳු හිමියන් ලක් දිවට වැඩම කිරීමට පෙර සිටම, එනම් බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි සමයේම මෙම ස්ථානය බෞද්ධ වත් පිළිවෙත් අනුව වැඳුම් පිදුම් කරපු බෞද්ධ මධ්‍යස්ථානයක්.


මෙම ගල්තලාව ආශ්‍රිතව කටාරම් සහිත ගල් ලෙනක් තියෙනවා. මින් අදහස් වන්නේ මේ ආශ්‍රිතව පිරිසක් ඉඳලා තියෙනවා කියන එක. ඊට සමීපව කන්දට නගින්න ගල මත සකස් කළ පිය ගැට පෙලක් තිබෙනවා. මෙම පිය ගැට පෙළෙහි පඩි නිර්මාණය කරළ තියෙන්නේ පඩි අතර පරතරය අඩු වෙන ආකාරයට. මේ නිසා සංවර වු පිරිසක් මෙම කටාරම් හිත ගල්ලෙන් වළ වාසය කර ඇති බවත්ගල් ලෙනට නැගීම හා බැසීම සක්මන් භාවනාවක් හැටියට කරන්න ඇති කියලත්,  සංවර වු පිරිස බෞද්ධ රහතන් වහන්සේලා විය හැකි බවට විශ්වාසයක් ද පවතිනවා.



 කෙසේ වෙතත් මෙම පින් බිම ආශ්‍රිත සත්‍ය විශ්වාසයන්ටත් වඩා පුළුල් විය හැකි බව නම් සටහන් කළ යුතුව ඇත. මෙම සත්‍ය සොයා යාම හා විශ්වාසයන් තහවුරු කර ගැනීම තවදුරටත් කළ යුතුව ඇති දෙයකි.